GETTY IMAGES/ALAMY
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්ව සිටින ජෝ බයිඩන් තම කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා තෝරා ගත් නිලධාරී මණ්ඩලය නිල වශයෙන් හඳුන්වාදීමට සැරසෙයි.
ඔහුගේ තෝරා ගැනීම්වලින් බහුතරයක් දැනටමත් ප්‍රකාශයට පත්කොට ඇති අතර, එයින් වැඩි පිරිසක් ඔබාමා පාලනය යටතේ ඔහු සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයන් වීම කැපී පෙනේ.
ජෝන් කෙරී ඔහුගේ දේශගුණික නියෝජිතයා වන අතර, විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රවීණයෙකු වන ඇන්තනි බ්ලින්කන් රාජ්‍ය ලේකම්වරයා ලෙස නම් කරනු ලැබ සිටී.
සති ගණනාවක් පුරා පැවති මත ගැටුම්වලින් අනතුරුව නව පාලනයක් සඳහා සංක්‍රාන්ති ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟතාව පළ කොට තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරණයේ “පෙනෙන ජයග්‍රාහකයා” බයිඩන් බව බලතල පවරා දීමට අදාළ අධීක්ෂණ කටයුතු භාර ෆෙඩරල් ආයතනය වන පොදු සේවා පරිපාලනය පිළිගෙන ඇත.
ඒ සමඟ ඩිමොක්රටික් පක්ෂයට ඩොලර් මිලියන ගණනක අරමුදල්වලට මෙන්ම, ජාතික ආරක්ෂාව පිළිබඳ රැස්වීම්වලට සහ රජයේ නිලධාරීන්ට ප්රවේශවීමට අයිතිය හිමිව තිබේ. බයිඩන්ට ජනවාරි මස 20 වන දින ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට අදාළ කටයුතු පිළියෙළ කර ගැනීමට දැන් අවස්ථාව උදාවී ඇත.
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවරෙකු ද යන්න ලබන දෙසැම්බර් මස 14 වන දින නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත අතර, බයිඩන් 232 ට 306 ක් ලෙස ඡන්ද විද්‍යාලවල බහුතර බලය හිමිකර ගෙන ඇතැයි මැතිවරණ ප්රක්ෂේන මගින් පෙන්නුම් කර තිබේ. ජයග්‍රහණය සඳහා ඔහු දිනාගත යුතුව ඇත්තේ ඡන්ද විද්‍යාල 270 ක් පමණි.