ටික්ටොක් තහනම: චීනය සහ අමෙරිකාව අතර තොරතුරු අවදියේ සීතල යුද්ධය අංශක කිහිපයකින් උණුසුම් වෙයි.

download.jpg

ටික් ටොක් තහනම
: ජාතික ආරක්ෂාව සඳහා ද? නැතිනම් එක්සත් ජනපද තාක්ෂණික සමාගම්වල අවශ්‍යතාවයක් වෙනුවෙන්
?

 

නූතන පරම්පරාව ටික් ටොක් සමාජ මාධ්‍ය මෙවලමට ආදරය කරයි. රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝට එය ජාතික ආරක්ෂක තර්ජනයක්. ටික්ටොක්හි චීන මව් සමාගම වන බයිට් ඩෑන්ස් සමාගමට එක්සත් ජනපදය තුළ එම සමාජ මාධ්‍ය මෙවලම ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමට ධවල මන්දිරය දැන් සූදානමින් සිටී. ඒ අතරම මයික්‍රොසොෆ්ට් සමාගම ටික්ටොක් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින අතර ඉන්ස්ටග්‍රෑම් අගෝස්තු
මාසයේදී එවැනිම සමාජ මාධ්‍ය මෙවළමක් දියත් කිරීමට සැරසෙයි.

 

තමන් සතු විධායක බලතල භාවිත කරමින් එක්සත් ජනපදය තුළ ටික්ටොක් ක්‍රියාත්මකවීම තහනම් කිරීමට තමා සූදානම් බව ජනාධිපති ට්‍රම්ප් ඉකුත් සිකුරාදා වාර්තාකරුවන් හමුවේ කියා සිටියේය. ට්‍රම්ප් පාලනයේ සෙසු නිලධාරීහු ද මෙම සමාජ මාධ්‍ය මෙවළම තහනම් කිරීමේ ජනාධිපතිවරයාගේ සැලසුමට සහය පළ කරති. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් පසුගිය ඉරිදා ප්‍රකාශ කළේ ටික්ටොක් මෙවළමට “මෙලෙස පැවතිය නොහැකි” බවයි.

 

ටික්ටොක් යනු සමාජ මාධ්‍ය මෙවළමක් (app) වන අතර එය ඇමරිකාවේ තරුණ පිරිස් අතර ජනප්‍රියව පවතින අතර එක්සත් ජනපදයේ මිලියන ගණනක්
පරිශීලකයෝ පිරිසක් සිටිති. සමාජ මාධ්‍ය වෙමළමක් යනු සරල සංස්කරණ මෙවලම් සහිත
වීඩියෝ බෙදාගැනීමේ සේවාවක් වන අතර එමඟින් පරිශීලකයන්ට ඉක්මනින් සහ පහසුවෙන් වීඩියෝ
නිර්මාණය කිරීමට ඉඩ ලබා දේ.

 

ටික්ටොක් සමාගම චීන සමාගමක් වන බයිට් ඩෑන්ස් සතු වන අතර, එම සමාජ මාධ්‍ය මෙවළමට එරෙහි පොදු චෝදනාව වන්නේ එය චීන බුද්ධි අංශයේ මෙවලමක් බවත් එමගින් පරිශීලක දත්ත චීන රජය සමඟ බෙදා ගන්නා බවත් ය. චීන රජය නිෂේධණාත්මක ලෙස නිරූපණය කෙරෙන අන්තර්ගතයන් වාරණය කිරීම සම්බන්ධයෙන් ද ටික්ටොක්ට මෙවළමට චෝදනා එල්ල වී තිබේ.

චීනය ගෝලීය පරිමාණයෙන් තොරතුරු පද්ධති
යුද්ධවල නිරත වෙමින් සිටී
,” අමෙරිකා එක්සත් ජනපදයේ චීන විශ්ලේෂක හා තාක්‍ෂණ විශේෂඥ විලියම් ජේ. හොල්ස්ටයින් පවසයි. “ඔවුන් සොයන්නේ ඔවුන්ට (අමෙරිකානු)පද්ධති
වලට ඇතුළු වීමට උපකාර වන තොරතුරු ය. ඔබ උසස් යුද තාක්ෂණික අංශයේ සේවය කරන්නේ යැයි සිතමු. ඔවුන් ඔබේ දියණියගේ දුරකථනයට ප්‍රවේශ වනු ඇත. ඔබේ දුරකථනය
, විද්‍යුත් තැපෑල, පරිගණකය වෙත පිවිසීමට ඔවුන්ට එම තොරතුරු භාවිතා කළ හැකිය. ”

 කෙසේ වෙතත්, මේ දක්වා චීනය ටික්ටොක් එවැනි කටයුතු සඳහා භාවිත කරන බවට කිසිවෙකු සාක්ෂි ඉදිරිපත් කර නැත.

 

අමෙරිකාවේ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ආයතනයේ තාක්‍ෂණ ප්‍රතිපත්ති අධ්‍යක්‍ෂ ඇලෙක් ස්ටැප් පැවසුවේ “චීන රජය විසින් ටික්ටොක් හසුරුවා හෝ පරිශීලක දත්ත සොරකම් කර ඇති බවට කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් ලැබී නොමැත. “සමාජ මාධ්‍ය මෙවළම් බොහෝ පරිශීලක දත්ත ඉල්ලයි, නමුත් එක්සත් ජනපද සමාජ මාධ්‍ය මෙවළම්වලද වෙනසක් නොමැත”.

 තම පාර්ශවයෙන් ටික්ටොක් ආයතනය ට්‍රම්ප් පාලනයේ මේ චෝදනා ප්‍රතික්ෂේප කරන
අතර පරිශීලක දත්ත චීනයේ ගබඩාකිරීමක් සිදු නොවන බවත්
, තමන්ට චීන රජය සමඟ තොරතුරු බෙදා ගැනීමට කිසිදු බැඳීමක් නොමැති බව අවධාරණය කරයි.

 අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ​​ආතතීන් දිනෙන් දින වර්ධනයවීමත් සමඟ
ටික්ටොක් තහනම ද ට්‍රම්ප් පාලනය බෙයිජිං පාලනයට මුහුණ දීමට යොදා ගන්නා තවත් එක් තුරුම්පුවක් විය හැකිය. වෙළඳ යුද්ධය සහ ආර්ථික සම්බාධකවලට අමතරව
, එක්සත් ජනපදය ඉකුත් මාස කිහිපය තුළ ඉන්දු-පැසිෆික් සාගර කලාපයේ සිය යුද ක්‍රියාකාරකම් විශාල ලෙස වර්ධනය කරගනිමින් සිටී. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ මෑතකදී අදහස් දක්වමින් චීනයට එරෙහිව “ප්‍රජාතන්ත්‍රවාදයේ නව සන්ධානයක්” පිහිටුවා ගන්නා මෙන් ඉල්ලා සිටියේය. මේ සියල්ලක් තුළින්ම පැහැදිලි වන්නේ වොෂිංටනය මේ වන විට  චීනය තම නිරවි යුද ප්‍රතිවාදියෙකු ලෙස සලකන බවකි.

 

ටික්ටොක් තහනම් කිරීමට එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට අදාළ කාරණයක් ලෙස හුවා
දැක්වීමට ට්‍රම්ප් පාලනය උත්සාහ කළ ද, ඒ පසුපස ඇති සැබෑ චේතනාව කුමක් වුවත්
, එම තීරණය මගින් එක්සත් ජනපද තාක්‍ෂණ සමාගම්වලට විශාල ප්‍රතිලාභ හිමිවනු නිසැකය. විශේෂයෙන්ම ජනාධිපති
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් අනතුරුව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් චීනයේ බයිට් ඩෑන්ස් සමාගම
වෙතින් ටික්ටොක් මිලදී ගන්නා බවට කටකතා ජන මාධ්‍ය තුළ පැතිර ගියේය. මේ අතර අමෙරිකාවේ
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ ඉරිදා පළ වූ වාර්තාවක සඳහන් වී තිබුණේ
ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමට පෙර මයික්‍රොසොෆ්ට් සහ බයිට් ඩෑන්ස් අතර එවැනි ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා පැවති බවත්, දැන් එම සාකච්ඡා ඇණහිට ඇති බවත් ය.

 

ට්‍රම්ප් පාලනය මෙම ගනුදෙනුව පිළිබඳව දැන සිටි බවත්, ටික්ටොක් අමෙරිකානු සමාගමකට
විකුණනු දැකීම ධවල මන්දිරයට පිළිගත හැකි ප්‍රතිඵලයක් බවත් එම පුවත් පත වැඩිදුරටත් පෙන්වා
දෙයි. භාණ්ඩාගාර ලේකම් මුන්චින් ද ඉරිදා දිනයේ කියා සිටියේ විකිණීම බලහත්කාරයෙන් සිදුකිරීමට
හෝ එම සමාජ මාධ්‍ය මෙවලම මුළුමනින්ම අවහිර කිරීමේ බලය ද  ජනාධිපතිවරයා සතුව ඇති බවයි.

 

සවුත් මෝනිං චයිනා පෝස්ට් පුවත් පත වාර්තා කරන අන්දමට බයිට් ඩෑන්ස් නිර්මාතෘ ෂැං යිමිං අමෙරිකානු සමාගමකට ටික්ටොක් විකිණීමට මැලිකමක් දක්වන අතර ඒ වෙනුවට ඊට බයිට් ඩෑන්ස් වෙතින් ස්වාධීනව වෙනම ආයතනයක් ලෙස කටයුතු කිරීමට ඉඩදීමේ කැමැත්තකින්
පසුවන බවයි. එහෙත් මෙම විසඳුමට ධවල මන්දිර තහනම වළක්වා ගත හැකිද යන්න නොපැහැදිළිය.

 

ටික්ටොක් සමාජ මාධ්‍ය මෙවළම මුළුමනින්ම තහනම් කිරීම තවත් එක්සත් ජනපද
තාක්ෂණික දැවැන්තයෙකු වන ෆේස්බුක් වෙත සෘජුවම ප්‍රතිලාභ ලබා දෙනු ඇත. ෆේස්බුක්
සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් විසින් ටික්ටොක් යෙදුමේ අනුවාදයක් ලබන අගෝස්තු මාසයේදී
එළිදැක්වීමට සැලසුම් කර ඇති බව ජූලි මැද භාගයේදී අනාවරණය විය. රීල්ස් ලෙස
හැඳින්වෙන මෙම වීඩියෝ මෙවළමට ටික්ටොක් හා සමාන බොහෝ අංග ඇත. රීල්ස් මෙවළම ඉන්දියාව
ද ඇතුළු රටවල් කිහිපයකම දියත් කොට ඇති අතර, ඉන්දියාව ටික්ටොක් තහනම් කිරීමෙන් දින කිහිපයට පසු රීල්ස් වැළඳ ගනු දක්නට ලැබිණ.


විශ්වාසය කඩකිරීමේ නීති පිළිබඳ නඩු විභාගයකදී ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පසුගිය සතියේ කොන්ග්‍රසය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. නඩු විභාගයට පෙර සකර්බර්ග්ගේ සූදානම් කළ සාක්ෂිය ප්‍රසිද්ධියට පත් කරන ලද අතර, එහිදී  ප්‍රධාන විධායක නිලධාරියා චීන තාක්‍ෂණය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. ෆේස්බුක් “ඇමරිකානු සාරධර්ම” පිළිපදින බව පැවසූ සකර්බර්ග්, චීන බලපෑම පිළිබඳව අනතුරු ඇඟවීය. ටික්ටොක් පිළිබඳ පැහැදිලි සඳහනක් කරමින්
“චීනය වෙනස් අදහස් පෙරදැරිව තමන්ගේම අන්තර්ජාල අනුවර්තනයක් ගොඩනගමින් සිටින අතර ඔවුන් ඔවුන්ගේ දැක්ම වෙනත් රටවලට අපනයනය කරයි” යනුවෙන් සාක්ෂියේ දැක්වේ.

 අමෙරිකාවේ ඩිස්නි සමාගමේ හිටපු විධායක
නිලධාරියෙකු වන ටික්ටොක් හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් මේයර්
, සකර්බර්ග්ගේ සාක්ෂිය ප්‍රකාශයට පත් කළ දිනයේම බ්ලොග් සටහනක් තබමින් ෆේස්බුක් වෙබ් අඩවිය දැඩි ලෙස විවේච්නයට ලක් කළේය. රීල්ස් දියත් කිරීමේ ෆේස්බුක් සැලසුම ගැන සඳහන් කළ මේයර් එය ටික්ටොක්හි “අමු කොපියක්” ලෙස නම් කළේය. “නමුත් අපගේ පාරිභෝගිකයන්ට සේවා සැපයීමේදී අපගේ ප්‍රතිවාදීන්ට ද්වේශසහගත ලෙස ප්‍රහාර එල්ල කරනු වෙනුවට සාධාරණ සහ විවෘත තරඟයක නියැළීමට අපගේ ශක්තීන් යෙදවිය යුතුය. අපගේ තරඟකරුවන් – එනම් ෆේස්බුක් – දේශප්‍රේමීන් ලෙස වෙස් වළා ගනිමින් එක්සත් ජනපදය තුළට අපගේ
පැමිණීම නැවැත්වීමට සැලසුම් කර ඇත” යනුවෙන් මේයර් සටහන් කොට තිබේ.

 ටික්ටොක්ට සමාජ මාධ්‍ය මෙවළමට එරෙහිව එක් ඇඟිල්ලක් දිගු කරන විට ඉතිරි ඇඟිලි හතරම අමෙරිකානු රජය හා සම්බන්ධව ෆේස්බුක් සමාගම වෙත එල්ල වෙයි. 2013 දී, හිටපු අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) කොන්ත්‍රාත්කරු එඩ්වර් ස්නෝඩන් විසින් කරන ලද හෙළිදරව්වකට අනුව ප්‍රිස්ම් නමින් හැඳින්වෙන වැඩසටහනක් මඟින් ෆේස්බුක් සහ අනෙකුත් එක්සත් ජනපද තාක්ෂණික සමාගම් එන්එස්ඒ සහ එෆ්බීඅයි ආයතනවලට පරිශීලක දත්ත රැස් කිරීම සඳහා පසුසප දොරෙන් ප්‍රවේශය ලබා දෙන බවයි. එක්සත් ජනපදය ඉරාන ජෙනරාල් කාසිම් සොලෙයිමානි ඝාතනය කිරීමෙන් පසු, එම ජෙනරාල්වරයා වාසිදායක ලෙස නිරූපණය කෙරෙන වාර්තා ඉවත් කිරීමට ෆේස්බුක් සහ
ඉන්ස්ටග්‍රෑම් ක්‍රියා කළේය. එම අන්තර්ගතය ඉවත් කිරීමේදී ෆේස්බුක් සමාගම එක්සත් ජනපද රජය සහ එක්සත් ජනපද ආයුධ නිෂ්පාදකයින් විසින් අරමුදල් සපයන චින්තන පර්ෂදයක් වන
අත්ලාන්තික් කවුන්සිලය සමඟ සහයෝගයෙන් ක්‍රිය කළේය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top