ටෝකියෝ 2020 : ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලේ ප්‍රේක්ෂක සංඛ්‍යාව සීමා කෙරේ

Olympic.jpg

කොවිඩ් – 19 වෛරස් ආසාදනය හේතුවෙන් ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල “සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක්” ඉදිරිපිට පැවැත්වීමට තීරණය කළ බව 2020 ඔලිම්පික් උළෙලේ ප්‍රධාන විධායක ටොෂිරෝ මූටෝ පවසයි.

ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය  2021 වසරේ ජූලි මස 23 පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බව ඔහු බීබීසී ප්‍රවෘත්ති සේවය සමඟ පැවති සාකච්ඡාවකදී කියා සිටියේ ය. සෑම පුද්ගලයෙකුම ලබන වසරේ එම තරගාවලිය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. කොවිඩ් – 19 වෛරස් ආසාදනය හේතුවෙන් ඔලිම්පික් තරගාවලිය වසරකින් කල්තැබීමට සිදුවිය. මෙම වසංගතයට ගොදුරුවීමෙන් ලොව පුරා 660,000 ක් මරණයට පත්වූහ.

තව දුරටත් ටෝකියෝ 2020 යනුවෙන් හඳුන්වනු ලබන මෙම තරගාවලිය 2021 වසරේ ජූලි මස 23 වැනි දින සිට අගෝස්තු මස 8 දින දක්වා පැවැත්වෙන අතර පැරාලිම්පික් තරගාවලිය අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

Sending
User Review
0 (0 votes)

Share this post

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top