පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජය බයිඩන් ට?

Capture-2.png

98% ක ඡන්ද ප්‍රතිශතයක් ගණනය කිරීමෙන් අනතුරුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් පෙන්සිල්වේනියාවේ පෙරමුණ ගැනීමත් සමඟ ඔහු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරයට හිමිකම් කීමට සූදානම් වෙයි

බයිඩන් පෙන්සිල්වේනියාව ජයගතහොත් ඔහු ජනාධිපති ධුරය දිනා ගැනීමට සමත්වනු ඇත.

ජෝර්ජියාවේ ද 99% ක ඡන්ද ප්‍රමාණයක් ගණනය කොට අවසන්ව ඇති අතර එම ප්‍රාන්තයේ ද බයිඩන් ට්‍රම්ප්ට වඩා සුළු ඡන්ද ප්‍රමාණයකින්
පෙරමුණ ගෙන සිටී. එහෙත් ජෝර්ජියා‍වේ ඡන්ද යළි ගණනය කරන බව මැතිවරණ නිලධාරීහු පවසති.  

නෙවාඩා සහ ඇරිසෝනාහි ද බයිඩින් මඳක් ඉදිරියෙන් සිටී.

මෙම ප්‍රාන්ත තුනෙන් ඕනෑම දෙකක්  ජයග්‍රහණය කළහොත් බයිඩන්ට ධවල මන්දිරය හිමිවනු ඇත.

ඡන්දය තවමත් ගණන් කරමින් ඇති නමුත් තමන් මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් කියා සිටී.

කිසිදු සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව  තැපැල් ඡන්ද පත්‍රිකා වල විශාල දූෂණයක් හා වංචාවක්පිළිබදව ට්‍රම්ප් පැමිණිලි කරයි

ජෝ බයිඩන් පවසන්නේ ඡන්ද ගණන් කරන විට ජනතාව සන්සුන්ව සිටිය යුතු බවත්තමන් ජයග්‍රාහකයා බවට පත්වනු ඇති බවට සැකයක් නැති බවත් ය.

සමස්ථ ඡන්දය ප්‍රකාශ කිරීම වසර 120 ක් තුළ ඉහළම අගයක් ගෙන ඇති අතර එය  66.9% ක් ලෙස පුරෝකථනය කර ඇත. 

 

මේ අතර, රූපවාහිනිය ඔස්සේ තම හිතවතුන් හෝ වීදිවල ජනයා තමන්ට සහයෝගය ලබා දීමට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයටත් කලකිරීමටත් පත්ව ඇති බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සීබීඑස් ප්‍රවෘත්ති සේවයට පවසා තිබේ.

එම වාර්තාවලට අනුව ට්‍රම්ප්  රූපවාහිනිය නරඹමින් සහ විටින් විට දුරකතන ඇමතුම් ලබාගනිමින් සිකුරාදා දිනයේ ඔහුගේ කාලය ඕවල් කාර්යාලය සහ නිවස අතර බෙදා ගත කළ බව දැක්වේ.

ට්‍රම්ප්ගේ කණ්ඩායම තම නීතිමය අරගලය ඉස්මතු කරන පෙන්වීමට උත්සාහ කරන නමුත් ඔවුනට පැහැදිලි උපාය මාර්ගයක් නොමැත. ට්‍රම්ප්ගේ ඇතැම් සහායකයින් පෙන්වා දෙන්නේ මේ සියල්ල මීට මාස කිහිපයකට පෙර සිතා බැලිය යුතු බවය, නමුත් ජනාධිපතිවරයා සමඟ මෙම සංවාදය පැවැත්වීමට කිසිවෙකු ඉදිරිපත් නොවීය.

නඩු පැවරීමේ ඊළඟ පියවර සම්බන්ධයෙන් ගත් කල, වෙනත් විශාල ප්‍රාන්තයක සැලකිය යුතු සිදුවීමක් අනාවරණය නොවන්නේ නම්, ඒ සියල්ල පෙන්සිල්වේනියාවට පැමිණේ. එම ප්‍රාන්තය තුළ පරතරය ප්‍රමාණවත් තරම් ආසන්න නම්, ශ්‍රේෂ්ඨාධිකරණ තුළ සාර්ථක අභියෝගයක් කිරීමට ට්‍රම්ප්ට එය උපකාරී විය හැකිය.

විශාල පරතරයකින් ජයගැනීමට බයිඩන් සමත්වුවහොත්, පෙන්සිල්වේනියා සම්බන්ධ සිද්ධිය වැදගත් නොවනු ඇත. ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම මේ මොහොතේ ඔවුන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කරමින් සිටින බව වාර්තා වේ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top