Photograph: Andrew Parsons/DOWNING STREET HANDOUT/EPA
පැය 14 ක ආයාසකර පාර්ලිමේන්තු ක්‍රියාවලියකට පසු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පශ්චාත්-බ්‍රෙක්සිට් වෙළෙඳ සම්මුතිය එක්සත් රාජධානිය තුළ නීතියක් බවට පත්වූ අතර, තම විශාලතම වෙළෙඳ හවුල්කරු වන යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය අතර සම්බන්ධතා එමගින් ප්‍රබල පරිවර්තනයකට ලක්වනු ඇත.

යුරෝපා සංගමය (අනාගත සම්බන්ධතා) පනත එක් දිනක් ඇතුළත සම්මත කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ජනතා නියෝජිතයන්ට තම කෘතඥතාවය පිරිනමන අතර, නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බ්‍රස්පතින්දා රාත්‍රී 11 ට සංගමය සමඟ සංක්‍රාන්ති සමය නිමාවට පත්වීමෙන් අනතුරුව එළඹෙන අවස්ථාවෙන් “උපරිම ප්‍රයෝජන ගන්නා” ලෙසයි.
එංගලන්ත මහරැජිණ ද බ්‍රහස්පතින්දා පෙරවරු 12.25 ට යුරෝපා සංගමය (අනාගත සම්බන්ධතා) පනතට අනුමැති ලබාදුන් බව නිවේදනය කෙරිණ. ඇය අදාළ පනතට අත්සන් තැබීමත් සමඟ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර එකඟතාවය බ්‍රිතාන්‍යය තුළ නීතියක් බවට පත්වන අතර, සංක්‍රාන්ති සමය රාත්‍රී 11 ට අවසන් වන විට ගිවිසුමකින් තොරව බ්‍රෙක්සිට් ක්‍රියාවලියක් නිම වීමට තිබූ අවදානම ද පහව ගියේය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඡන්ද 521 ට 73 ක් ලෙස වැඩි ඡන්ද 448 කින් පනත සම්මත කර ගැනීමෙන් අනතුරුව සාමී මන්ත්‍රී මණ්ඩලය තුළ තෙවන වර කියවීම ඊයේ සවස කිසිදු විරෝධතාවයකින් තොරව අනුමත විය.
යුරෝපා සංගමයෙන් වෙන්ව යාමට පක්ෂව බ්‍රිතාන්‍ය ජනතාව ජනමත විචාරණයකදී ඡන්දය ප්‍රකාශ කොට වසර හතර හමාරකට පසු මෙලෙස බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සමාප්තිය කරා පැමිණියේය.