කොරෝනා වෛරසයෙන් සිදුවූ පාඩු පියවා ගැනීමට අප්‍රිකාවට ඩොලර් ට්‍රිලියන 1.2 ක් අවශ්‍යයි

world-banks-response-to-covid-19-coronavirus-in-africa-780x439-1.jpg

ආර්ථික හානිය මෙන්ම කොරෝනා වෛරසය වයිරසය නිසා දැරීමට සිදුවන සෞඛ්‍ය පිරිවැය හේතුවෙන් ඉදිරි වසර තුන තුළ අප්‍රිකාවට ඩොලර් ට්‍රිලියන 1.2 ක් (පවුම්
බිලියන
920 ක්) අවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා කියා සිටියේ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අප්‍රිකාවට සහය දැක්වීමට ලෝකය තවත් බොහෝ දේ කළ යුතු බවයි.

 

අප්‍රිකාවේ අනෙකුත් මහද්වීපවලට වඩා අඩු කෝවිඩ් ආසාදන හා මරණ වාර්තාවී ඇත.

 

නමුත් ලෝක බැංකුව පවසන්නේ වසංගතයේ ප්‍රතිළලයක් ලෙස තවත් මිලියන 43 ක් අප්‍රිකානුවන් දරිද්‍රතාවයේ අවදානමට ලක්ව ඇති බවයි.

 

රැකියා අහිමිවීම සහ පවුල් ආදායම 12% කින් අඩුවීම නිසා සිදුවූ ආර්ථික බලපෑම මෑත වසරවල අප්‍රිකාවේ ප්‍රබල වර්ධනයේ ප්‍රවණතාව ආපසු හරවයි.

 

අප්‍රිකාවේ මිලියන 1.5 කට වඩා වැඩි කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 37,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top