මෙම ඩොලර් එකක් මිලැති අප්‍රිකාවේ නිෂ්පාදිත කොවිඩ් -19 පරීක්ෂණ කට්ටලයට මහාද්වීපයේ පරීක්ෂාවන්හි විප්ලවීය වෙනසක් සිදු කළ හැකිය

201102151447-senegal-rapid-covid-test-1-exlarge-169.jpg

කොවිඩ් -19 වසංගතය පැතිරයාම ආරම්භවීමෙන් පසු පළමු වතාවට අප්‍රිකාව
මහාද්වීපයේ වෛරසය සඳහා වේගවත් පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාවක් උදාවී ඇත.

 

සෙනෙගල්හි අගනුවර වන ඩකාර් හි පිහිටි ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයක් වන පාස්චර් ආයතනය පවසන්නේ මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල ලබා දිය හැකි දැරිය හැකිඅතින් ගෙන යා හැකි කොවිඩ් -19 රෝග විනිශ්චය පරීක්ෂණ කට්ටලයක් හඳුන්වාදීමට තමන් සූදානම් බවයි.

 

මෙම ආයතනය ඩයට්‍රොපික්ස් නමින් නව ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර එය එක්සත් රාජධානියේ මොලොජික් ඇතුළු පර්යේෂණ ආයතන පහක් සමඟ එක්ව පරීක්ෂණ කට්ටලය නිර්මාණය කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

 

පාස්චර් ආයතනයේ සහ ඩයට්‍රොපික්ස් හි අධ්‍යක්ෂ අමාඩෝ සෝල් සීඑන්එන් ප්‍රවෘත්ති සේවාව වෙත පවසා ඇත්තේ ජෛව වෛද්‍ය මධ්‍යස්ථානය බලාපොරොත්තු වන්නේ මෙම කට්ටලය නිපදවීමට ඩොලර් 1 ක් වැනි සුළු මුදලක් වැය වනු ඇති බවයි.

“මෙය ඉතා සරල තාක්‍ෂණයකිගර්භණී පරීක්‍ෂණයක් වැනි ප්‍රජා මට්ටමින් ඔබට සෑම තැනකම භාවිතා කළ හැකි අතර එය අප්‍රිකාවට වැදගත් වේ" යනුවෙන් ඔහු පැවසීය.

මොලොජික් සමාගමට අනුවමෙම වේගවත් පරීක්ෂණ කට්ටලයට විදුලිය හෝ රසායනාගාර විශ්ලේෂණය අවශ්‍ය නොවේ.

ඒ වෙනුවටඑය ප්ලාස්ටික් ඒකකයක තැන්පත් කර ඇති සරල පරීක්ෂණ තීරුවකින් සමන්විත වන අතර ඉන්සියුලින් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන මෙවලම් මෙන් ඇඟිල්ලකට ඉන්ජක්ෂන් කටුවකින් විද එකතු කරන ලද කුඩා රුධිර සාම්පලයක් භාවිතා කරයි. රුධිරය කොරොන වයිරස් ආශ්‍රිත ප්‍රතිදේහ සඳහා පරීක්ෂා කරනු ලබන අතර ප්‍රතිඵලය පරීක්ෂණ තීරුවේ දැක්වේ.

 

එක්සත් රාජධානියේ ලාභ නොලබන වෙල්කම් ට්‍රස්ට් සහ එක්සත් රාජධානියේ රජය ඇතුළු පරිත්‍යාගශීලීන්ගෙන් අරමුදල් රැස් කිරීමෙන් පසු ජුනි මාසයේ දී කට්ටලයේ මූලාකෘතියක් පරීක්ෂා කරන ලදී. නියාමන පරීක්ෂණ අවසන් වූ පසු,කට්ටල නිෂ්පාදනය හා බෙදා හැරීම ආරම්භ කිරීමට සැළසුම් කොට තිබේ.

 

කොවිඩ් -19 වේගවත් පරීක්ෂණ කට්ටල ප්‍රථමයෙන් මහාද්වීපයේ රජයන් සහ සෞඛ්‍ය සංවිධාන හරහා රෝග පාලනය හා වැළැක්වීමේ අප්‍රිකානු මධ්‍යස්ථාන (අප්‍රිකා සීඩීසී) හරහා ලබා ගත හැකි බව සෝල් පවසයි. 2021 පෙබරවාරි වන විට කට්ටල මිලියන 10 සිට 15 දක්වා නිකුත් කිරීම ඉලක්කය බව සෝල් පැවසීය.

 

අප්‍රිකානු සීඩීසී මධ්‍යස්ථානයට අනුව අප්‍රිකානු මහාද්වීපය පුරා කෝවිඩ් -19 රෝගීන් මිලියන 1.8 කට වඩා තහවුරු වී ඇති අතරඉන් අඩක් පමණ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇත.

 

ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට මහාද්වීපයේ සිද්ධි සංඛ්‍යාව සාපේක්ෂව අඩු යනමුත් විශේෂඥයන් පවසන්නේ බොහෝ අප්‍රිකානු රටවල රෝගී පරීක්ෂාව අඩු බැවින් සමහර ආසාදිතයන් වාර්තා නොවව අතර ඔවුන් ප්‍රතිකාර නොලබන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඇන්ඩර්සන් ලැට් සීඑන්එන් ප්‍රවෘත්ති සේවාව වෙත පවසා ඇත්තේ මහාද්වීපයේ වෛරසයට මුහුණදීමෙහිලා එක් අභියෝගයක් වන්නේ පරීක්ෂණ කට්ටල හිඟයක් බවයි.

 

අප්‍රිකාව පුරාවසංගතය අසමානතාවය සහ නව්‍යකරණය යන දෙකම හෙළි කරයි

කොවිඩ් – 19 සඳහා වඩාත් නිවැරදි රෝග විනිශ්චය පරීක්ෂණය ලෙස සැලකෙන පීසීආර් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම මිල අධික වන අතර විශේෂිත සැපයුම් සහ විද්‍යාගාර කාර්මිකයන් අවශ්‍ය වේ. රෝග ව්‍යාප්තිය ආරම්භයේදීදකුණු අප්‍රිකාවේ සහ සෙනෙගාල්හි රසායනාගාර දෙකක් පමණක් වෛරසය පරීක්ෂා කිරීමට සමත් විය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුවලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපයේ රටවල් 47 ටම දැන් රෝග විනිශ්චය ලබා දිය හැකිය. නමුත් බොහෝ ස්ථානවලපරීක්ෂණ තවමත් ප්‍රමාදයි. නව පරීක්ෂණ කට්ටලය මගින් මෙම ගැටළුවට විසඳුම් ලබා දෙනු ඇත.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top