ඇලස්කා ගුවන් සමාගමට අයත් යානයක් ගොඩබැස්සවීමේ දී ධාවන පථය මත සිටි වලසකු හා ගැටේ

201116135916-02-alaska-airlines-flight-hits-bear-exlarge-169.jpg

අසාමාන්‍යය අනතුරක් පිළිබඳ පුවතක් මවමින්, ගුවන් යානයක් ධාවන පථය මත දී වලසකු හා ගැටීමේ පුවතක් ඇලස්කාවේ යකුටට් ගුවන් තොටුපොලෙන් ඉකුත් සෙනසුරාදා වාර්තා විය. අනතුරින් වලසා මරණය පත්විය.

කොර්ඩෝවා හි සිට පියාසර කළ ඇලස්කා ගුවන් සමාගමට අයත් 66 දරණ  යානය යකුඩා ගුවන්‌ තොටුපොලට ගොඩබැස්සවීමට යාමේදී ධාවන පථය හරහා ගමන් කරමින් සිටි දුඹුරු වලසුන් දෙදෙනෙකු ගුවන් කාර්ය මණ්ඩලයට දර්ශනය වී ඇත.

“යානයේ මැදකොටසේ වැදීමෙන් බේරුණු එක් වලසෙකු එහි වම් පස කොටසේ ගැටීමෙන් ඇතිවූ කම්පනය ගුවන් නියමුවාට දැනී ඇත”, ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.  බෝයිං 737-700 වර්ගයට අයත් යානය ගාල් කිරීමට යාමේ දී ධාවන  පථයේ මධ්‍යයට අඩි කිහිපයක් ඈතින් බිම වැටී සිටින වලසා දැකගත හැකිවූ බව ගුවන් කාර්ය මණ්ඩලය පවසයි.

යානයේ වම්පස එංජින් ආවරණයට ගැටීමෙන් හානි වී ඇති අතර නඩත්තු කාර්මික ශිල්පීහු මේ වන විට යානය අළුත්වැඩියා කරමින් සිටිති. අනතුර සිදුවන විට යානයේ මගීන් හය දෙනෙකු සිටි අතර කිසිවකුට හෝ තුවාල සිදුවූ බවක් වාර්තා වී නොමැත. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top