සැතපුම් අටක් දිගට විහිදී පවතින අයිස් යුගයට අයත් වන සතුන්ගේ චිත්‍ර දහස් ගණනක් ඇමසන් වැසි වනාන්තරයෙන් සෙයා ගැනේ

http___cdn.cnn_.com_cnnnext_dam_assets_201202182421-02-cerro-azul-rock-art.jpg

පර්යේෂකයන් පිරිසක් මැස්ටෝඩොන් වැනි විශාල අයිස් යුගයේ ජීවීන් නිරූපණය කරන ලෙන් චිත්‍ර දහස් ගණනක් ඇමසන් වැසි වනාන්තරයෙන් සොයා ගනිති.

 

මෙම සිතුවම් මීට වසර 11,800-12,600 කට පමණ පෙර අඳින්නට ඇති බව බ්‍රිතාන්‍යයේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

 

මෙම සිතුවම් එකිනෙකට වෙනස් ගල් ලෙන් තුනක ඇඳ ඇති අතර  සෙරෝ අසුල් ලෙස හැඳින්වෙන විශාලතම ලෙනෙහි පනේල 12 ක තනි රූප සටහන් දහස් ගණනක් ඇත.

 

නූතන කොලොම්බියාවේ සෙරානියා ලා ලින්ඩෝසා හි පිහිටා ඇති මෙම ලෙන් ආශ්‍රිත සිතුවම් කලාව මගින් ප්‍රදේශයේ පැරණිතම මිනිස් වැසියන්ගේ ජීවිතය අයිස් යුගයේ මෙගාෆෝනා යනුවෙන් හඳුන්වනු ලබන විශාල සතුන් සමඟ සමපාත වූයේ කෙසේද යන්න පිළිබිඹු කෙරේ. යෝධ වළසුන්, ගවයන්, අශ්වයන් වැනි සතුන් රැසකගේ චිත්‍ර එහි දක්නට ලැබේ.

 

මේවා සැබවින්ම ඇදහිය නොහැකි රූප වන අතර බටහිර ඇමසෝනියාවේ ජීවත් වූ මුල්ම මිනිසුන් විසින් නිපදවන ලද්දකි,” එක්සෙටර් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ මාක් රොබින්සන් පැවසීය.

 

සිතුවම් මෙම ප්‍රජාවන්ගේ ජීවිතවලට විචිත්‍රවත් හා ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි. ඔවුන් කුඩා වාහනයක ප්‍රමාණයෙන් යුත් යෝධ ශාකභක්ෂකයන් අතර දඩයම් කළ බව සිතීම අද අපට විශ්වාස කිරීමට පවා නොහැකිය."

 

අනෙක් පින්තූරවල මිනිස් රූපජ්‍යාමිතික හැඩතල සහ දඩයම් දර්ශන මෙන්ම      මුවන්ටැපීර්කිඹුලන්වවුලන්වඳුරන්කැස්බෑවන්සර්පයන් වැනි සතුන් ද පෙන්වයි.

 

සීරීමට ලක්කොට ඕචර් වලින් ලබාගත් වර්ණක භාවිතයෙන් සාදන ලද මෙම රතු සිතුවම් දකුණු ඇමරිකාවේ විශාලතම ලෙන් චිත්‍ර එකතුවකි.

 

කලාකරුවන් පර්වතය සමතලා කොට තීන්ත ආලේප කිරීම සඳහා පැතලි මතුපිටක් සෑදීමට ගින්දර භාවිතා කරන්නට ඇතැයි විශේෂඥයෝ පවසති. සිතුවම් මූලද්‍රව්‍යවලට නිරාවරණයව ඇති නමුත් ඒවා අධික ලෙස ගල් ලෙන් මගින් ආරක්ෂා කර ඇති අතර එයින් අදහස් වන්නේ මෙම චිත්‍ර ඇමසන් ප්‍රදේශයේ දක්නට ලැබෙන අනෙකුත් ලෙන් චිත්‍රවලට වඩා හොඳ තත්ත්වයේ පවතින බවකි.

(සීඑන්එන් අනුග්‍රහයෙනි)

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top