මෙයකල්ගේ යුගයක නිමාව: ජර්මානු චාන්සලර්වරිය විශ්‍රාම ගැනීමට සැරසේ

200921123236-trump-merkel-g7-file-exlarge-169.jpg

CHARLEVOIX, CANADA - JUNE 9: In this photo provided by the German Government Press Office (BPA), German Chancellor Angela Merkel deliberates with US president Donald Trump on the sidelines of the official agenda on the second day of the G7 summit on June 9, 2018 in Charlevoix, Canada. Also pictured are (L-R) Larry Kudlow, director of the US National Economic Council, Theresa May, UK prime minister, Emmanuel Macron, French president, Angela Merkel, Yasutoshi Nishimura, Japanese deputy chief cabinet secretary, Shinzo Abe, Japan prime minister, Kazuyuki Yamazaki, Japanese senior deputy minister for foreign affairs, John Bolton, US national security adviser, and Donald Trump. Canada are hosting the leaders of the UK, Italy, the US, France, Germany and Japan for the two day summit. (Photo by Jesco Denzel /Bundesregierung via Getty Images)

බල තන්හාවෙන් පිරුණු බොහෝ දේශපාලනඥයන්ට – විශේෂයෙන්ම පිරිමින්ට –  මෙය ආදර්ශයක් වනු ඇත. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මෙයකල් මේ වසර අවසානයේ දී දේශපාලනයට සමුදීමට තීරණය කර සිටී. ඇය ලොව වඩාත් සාර්ථක දේශපාලනඥයෙකු ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹීම විශේෂයෙන් කැපී පෙනේ.

ඇය තම ධුරය හොබවන අතරවාරයේ මෙයකල් එක්සත් රාජධානියේ අගමැතිවරු පස් දෙනෙකු සමඟත්, ප්‍රංශයේ ජනාධිපතිවරු හතර දෙනෙකු සමඟත්, ඉතාලියේ අගමැතිවරු හත් දෙනෙකු සමඟත් කටයුතු කිරීමට සමත්වූවාය. ජෝ බයිඩන් ලබන බදාදා දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන විට, ඇය ගනුදෙනු කළ සිව්වන අමෙරිකානු ජනාධිපතිවරයා බවට බයිඩන් පත්වනු ඇත.

ඇයගේ දේශපාලන දිවියේ මෙම සංධිස්ථානවලට අමතරව, ලොව සිව්වැනි විශාලතම ආර්ථිකයේ නායිකාව ලෙස මෙයකල් තම නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කිරීමට සිදුවූ වාර අනන්තය. මක්නිසාද යත්, ලොව ඇතැම් නායකයෝ ඇයව අසරණ කිරීමට හෝ ඇතැම්විට සමච්චලයට ලක් කිරීමට උත්සාහ කළහ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මෙයකල් සුනඛයින්ට බියක් දක්වන බව දැන දැනම, තම ලැ‍බ්‍රඩෝර් සුනඛයා ද රැගෙන ඇය සමඟ සාකච්ඡාවකට පැමිණියේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් වරක් ඇය මෝඩියක් ලෙස හැඳින්වීය. ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි වරක් ඇය සමඟ දුරකතන සාකච්ඡාවක් අතරතුරු මිනිත්තු පහළොවක් ඇයව කිසිත් නොකියා රඳවා තබා ගත්තේ ය.

2005 වසරේදී ජර්මනියේ ඉහළතම පුටුවට පැමිණි ප්‍රථම කාන්තාව ලෙස ඇය චාන්සලර් ධුරය බාර ගන්නා විට බොහෝ දෙනෙක් ඇයගේ අත්දැකීම් සහ ආකර්ශණශීලීත්වයක් නොදැක්වීම පිළිබඳව ප්‍රශ්ණ කළහ. එක් ජර්මානු පුවත්පතක් ඇයව “දැරිවියක” ලෙස හැඳින්වීය.

නමුත් තමන් නායකත්වය හොබවන අතරවාරයේ අනෙකුත් නායකයන් පැමිණ ආපසු යන විටදී මෙයකල් සිනාමුසු මුහුණින් තම ධුරයේ රැඟී සිටියාය. ජර්මානුවන් “අම්මා” යන අන්වර්ථ නාමයෙන් ආදරයෙන් හඳුන්වන ඇන්ජෙලා මෙයකල් මේ වසර අවසානයේ දේශපාලනයට සමුදීමට සැරසේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top