ක්ෂුද්‍ර ජීවී නාශක විලාසිතාවන්ට ඔබව කොරෝනා රෝගයෙන් ආරක්ෂා කළ හැකිද?

08weddingmasks-05-superJumbo.jpg

ගෝලීය වසංගතය කෙළවර වන බවක් නොපෙනෙන තත්වයක් තුළ ලෝක ප්‍රකට විලාසිතා සහ ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදන සමාගම් ඇඟළුම් නිෂ්පාදනයෙහිලා තම සන්නාමය සහ විලාසිතා රටාවන්ගෙන් අලංකෘත මුහුණු ආවරණ නිෂ්පාදනයට යොමුවෙමින් සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට, සාම්ප්‍රදායික ද්‍රව්‍ය යොදාගනිමින් රෙදිවලින් නිමැවූ මුහුණු ආවරණවලට කොවිඩ් – 19 පැතිරයාම පාලනය කළ හැකි අතර ඇතැම් නිමැවුම් තවත් පියවරක් ඉදිරියට තැබීමට සමත්ව සිටී. ඔවුන් නව උපාංග අලෙවිකරන අතර සමහර අවස්ථාවල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති ශරීරාවරණ ඇඳුම් වර්ග – බැක්ටීරියා සහ දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය වළක්වන හෝ වෛරස් ක්‍රියාකාරිත්වය අඩු කරන ඇඳුම් – නිපදවමින් සිටී. නමුත් ක්ෂුද්‍ර ජීවී විලාසිතා මගින් සිදුවන්නේ කුමක්ද, සහ වසංගතයක් තුළ අමතර ආරක්ෂාවක් එමගින් ලබාගත හැකිද?

මෑත මාසවලදීබර්බෙරි ඇතුළු වෙළඳ නාම ක්ෂුද්‍ර ජීවීන් හා විෂබීජ වලින් ආරක්ෂා වන වෙස් මුහුණු හඳුන්වා දී ඇත. බර්බෙරි සමාගමේ ලා දුඹුරු සහ නිල් මෝස්තර සහිත මුහුණු ආවරණවල සමාගමේ සන්නාමය පවතී. ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති බවට අලෙවි කරන ආමූර් හි බහු-ස්ථර යූඒඒ ස්පෝර්ට්ස්මාස්ක් යටතේමෙම ගිම්හානයේදී එය වෙළෙඳපොලට නිකුත් කර පැයක් ඇතුළත සියල්ල විකිණී අවසන් විය.

ඩීසල් සමාගම තම ඩෙනිම් විකුණන්නේ එය වෛරස් මර්දනය කරන” ඇඳුමක් ලෙස ය. මෙම ඉතාලි වෙළඳ නාමය නිවේදනය කළේ තමන් වෛරස් ක්‍රියාකාරකම් වලින් 99% ක්ම භෞතිකව නවත්වන බවයි – එහි වසන්ත-ගිම්හාන 2021 එකතුවෙහි ඇති අයිතම ගණනාවකි. වෛරස් ඕෆ් ක්‍රියා කරන්නේ ප්‍රධාන ප්‍රෝටීන සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන්වයිරසය රෙදිපිළි තන්තු වලට සම්බන්ධ වීම වළක්වයි” යනුවෙන් ඩීසල්ගේ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

එක්සත් ජනපදයේවෙළඳ නාමවලට ​​ප්‍රමාණවත් සාක්ෂි ලබා නොදී කොවිඩ් – 19 ආසාදනයට හේතු වන SARS-CoV-2 වෛරසය වෙතින් තම පාරිභෝගිකයන් ආරක්ෂා කරනු ඇතැයි කියා සිටිය නොහැක. එබැවින්ඇතැම් ලේබල් මඟින් අතිරේක ආරක්ෂාවක් හෝ සනීපාරක්ෂාවක් ගැන සඳහන් කරයිනමුත් කුඩා මුද්‍රණ අකුරුවලින් බොහෝ විට කියැවෙන්නේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිකාර මගින් අදහස් කරන්නේ බැක්ටීරියා හෝ වෛරස් වර්ධනය වැළැක්වීමට මිස පරිශීලකයා රෝග කාරක වලින් ආරක්ෂා නොවන බවයි. (ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ විසින් නිර්දේශ කර ඇති පරිදි දිනකට එක් වරක් සබන් සමග ඇඟලුම් සේදීම බැක්ටීරියා සහ වෛරස් විනාශ කිරීමට හේතුවේ.)

මාර්තු මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් – 19 වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද බැවින්මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ මග පෙන්වීම අඛණ්ඩව විකාශනය වෙමින් පවතී. වෛරසය පැතිරීම අවම කිරීම සඳහා බොහෝ රටවලට දැන් මුහුණු ආවරණ පොදු ස්ථානවල පැළඳීම අනිවාර්ය කර තිබේ.

“ඔබ මුහුණු ආවරණයක් පැළඳ සිටී නම් සහ ඔබ අවට සිටින අය එය පැළඳ සිටී නම්කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය 90% වැඩි පරාසයක් තුළ පහත වැටෙනු ඇති බව අපි දුටුවෙමු. එය හොඳ තත්වයක්" ඇමරිකානු වෛද්‍ය විද්‍යාල පර්යේෂණ හා ක්‍රියාකාරී ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය අතුල් ග්‍රෝවර් අගෝස්තු මාසයේදී සීඑන්එන් ප්‍රවෘත්ති සේවයට පවසා ඇත.  

ඔවුන්ගේ අධ්‍යයනයේ දී හෙළිවී ඇත්තේ රෙදි ආවරණවලට අංශු අවහිර කිරීම සම්බන්ධයෙන් ශල්‍ය මුහුණු ආවරණවලට වඩා හොඳින් ක්‍රියාකළ හැකි” බවයි. නමුත් ඒ ඒවා හොඳින් සාදා ඇත්නම්” පමනකි – ත්‍රිත්ව ස්ථර හා තදින් ගැලපෙන මෝස්තරයකින්.

නව කොරෝනා වෛරසයට ප්‍රති-ක්ෂූද්‍ර ජීවී හා ප්‍රතිවෛරස් රෙදිපිළි මගින් සිදුකළ හැකි බලපෑම විමසා බැලීම පිළිබඳ ප්‍රකාශිත අධ්‍යයන සිදුකොට ඇත්තේ කිහිපයක් පමණි. ඇඳුම් වෙළඳ නාම සමාගම් විසින් භාවිතා කරන තනි තාක්‍ෂණයක් නොමැති බැවින් ඒවායේ කාර්යක්ෂමතාව විනිශ්චය කිරීම සඳහා එක් එක් මුහුණු ආවරණය සඳහා පුළුල් තනි අධ්‍යයන සිදුකිරීම අවශ්‍ය වේ. ඖෂධ ගැන්වූ රෙදි වර්ගයකට වෛරසය උදාසීන කිරීමට හැකි ද යන්න සලකා බැලීම එහිලා වැදගත් වන අතරඑසේ නම්කොපමණ කාලයක් ගතවේද (“වෛරසයට නැනෝ තත්පරයට ඇතුල් විය හැකිය,")මෙන්ම ක්ෂුද්‍ර ජීවී නාශක ප්‍රතිකාරවලට සේදීම් කොපමණ ප්‍රමාණයකට ඔරොත්තු දිය හැකිද යන්නත් සළකා බැලිය යුතුය.

මෙම මස මුලදීඩීසල් සමාගම සමඟ හවුල් වී වෛරස් ඕෆ් හි නිෂ්පාදකයා වන පොලිජීන් සමාගම පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී රෙදිපිළි ප්‍රතිකාර තාක්ෂණය මඟින් SARS-CoV-2  වෛරසයෙන් 99% ක්ම පැය දෙකක් තුළ රෙදිපිළි මතුපිටින් සාර්ථකව විනාශ කළ හැකි බවයි.

“ප්‍රතිවෛරස් රෙදි මගින් මතුපිට දූෂණය වීමෙන් වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කරන අතර වෛරසයෙන් අමතර ආරක්ෂාවක්ද ලැබේ" යැයි හයික් හි අලෙවිකරණ කණ්ඩායමේ රහෙල් කගී රොමේරෝ ඊමේල් හරහා පැවසීය. “ප්‍රතිවෛරස් රෙදි යනු මිනිසුන් ආරක්‍ෂිතව තබා ගැනීමට එක් සාධකයකිනමුත් එය සමාජ දුරස්ථභාවය තබා ගැනීමමුහුණු ආවරණ පැළඳීම වැනි වෙනත් ක්‍රියාමාර්ග සමඟ අත්වැල් බැඳ ගත යුතුය. ජනාකීර්ණ ප්‍රදේශවලදී නිතිපතා අත් සේදීම ද අනිවාර්යවූවකි.

ඔබේ ඇඳුම් වෛරස් රහිතව තබා ගැනීමෙන්හරස් දූෂණය වීමේ හැකියාව අඩු කළ හැකි වුවද, SARS-CoV-2 ගැන තවමත් නොදන්නා බොහෝ දේ ඇත. පුද්ගලයෙකු රෝගාතුර කිරීමට අවශ්‍ය වෛරසයේ ප්‍රමාණය මෙන් සම්ප්‍රේෂණයේ මූලික මාර්ග තවමත් මතභේදයට තුඩුදී ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ට අනුව, “වෛරසය ඇති මතුපිටක් හෝ වස්තුවක් ස්පර්ශ කිරීම … වෛරසය පැතිරෙන ප්‍රධාන ක්‍රමය යැයි නොසිතමු… “

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top