ආර්මේනියාව සහ අසර්බයිජානය දෙරට අතර මතභේදයට තඩුදී ඇති නගෝර්නෝ-කරාබාක් ප්රදේශය සම්බන්ධයෙන් ගැටුමක නිරතව සිටින අතර, ගැටුමේදී අසර්බයිජානයට අයත් එක් හෙලිකොප්ටර් යානායක් බිම හෙළා ඇත.
අසර්බයිජානය ගුවන් සහ කාලතුවක්කු ප්රහාරයක් දියත් කොට ඇතැයි ආර්මේනියානු අගමැති නිකෝල් පෂින්යාන් චෝදනා කරයි.
මේ අතර අසර්බයිජානය ප්රකාශ කරන්නේ තම ඉදිරි පෙරමුණට එල්ල කෙරෙන දැවැන්ත ෂෙල් වෙඩි ප්රහාරයකට තමන් ප්රතිචාර දැක්වූ බවයි.
දිගු කළක් පුරා දෙරට අතර පවතින ගැටුම ඉකුත් මාස කිහිපය තුළ යළි ඇවිළයමින් පවතී.
1991 වසරේ සෝවියට් සංගමය බිඳ වැටීමට පෙර ආර්මේනියාව සහ අසර්බයිජානය යන රටවල් දෙකම එම සංගමයේ කොටස් වශයෙන් පැවතිණ.
දශක හතරක් පුරාවට දෙරට අතර තවමත් නොවිසඳුණු නගෝර්නෝ-කරබක් දේශසීමාව සම්බන්ධයෙන් ආර්මේනියාව සහ අසර්බයිජානය ගැටුමක නිරතව සිටින අතර, එම ප්රදේශය අන්තර්ජාතික වශයෙන් අසර්බයිජානයේ කොටසක් ලෙස සැළකෙන නමුදු, වාර්ගික ආර්මේනියානුවන් විසින් පාලනය කරනු ලබයි.
පසුගිය ජූලි මාසයේ දෙරට අතර හටගත් ගැටුම්වලින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
