භානු අතායා: ඉන්දියාවේ පළමු ඔස්කාර් සම්මානය දිනාගත් ඇඟලුම් නිර්මාණකරු මිය යයි

114928246_gettyimages-562776231-594x594-1.jpg

ඉන්දියාවේ ප්‍රථම ඔස්කාර් සම්මානලාභී බොලිවුඩ් ඇඟලුම් නිර්මාණ ශිල්පීනී භානු අතායා වයස අවුරුදු 91 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ අය පවසති.

2012 දී මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගැනීමෙන් පසු ඇය මෑත වසරවල ඔත්පලව සිටි බව ඇගේ පවුලේ අය පැවසූහ. ඇය මුම්බායි නගරයේ අභාවප්‍රාප්ත වූවාය.

 

අතායා දශක පහකට ආසන්න කාලයක් පුරා දිවෙන තම විලාසිතා නිර්මාණ කලාව තුළ ලොව ඉහළම සිනමාකරුවන් සඳහා ඇඳුම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

 

ඇය 1983 දී මහත්මා ගාන්ධි පිළිබඳ චරිතාපදානයක් සඳහා ඔස්කාර් සම්මානයක් බෙදා ගත්තාය.

 

ඉන්දීය නිදහස් සටනේ නායකයා පිළිබඳ චිත්‍රපටයේ වැඩ කිරීමට බ්‍රිතාන්‍ය චිත්‍රපට නිෂ්පාදක රිචඩ් ඇටෙන්බරෝ කළ ආරාධනය ඇයව ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් කළාය. ඇය හොඳම ඇඟලුම් නිර්මාණය සඳහා වන සම්මානය ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය නිර්මාණකරුවෙකු වන ජෝන් මොලෝ සමඟ බෙදා ගත්තාය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top