ට්‍රම්ප් මැතිවරණ ප්‍රතිඵලය සමඟ එකඟ වීම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වීමෙන් පසුව ධවල මන්දිරයෙන් ඔහුව භෞතිකව ඉවත් කිරීමට තම රජය කැමැත්තෙන් පසුවන බවට ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ කණ්ඩායම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබේ.
“ධවල මන්දිරය තුළ අනවසරයෙන් රැඳී සිටින්නෙකු ඉන් එළියට ඇද දැමීමට පූර්ණ හැකියාවක් අමෙරිකා එක්සත් ජනපද රජය සතුය” යැයි බයිඩන්ගේ ක්ෂණික ප්‍රතිචාර අධ්යක්ෂ ඇන්ඩෘ බේට්ස් සිකුරාදා ෆොක්ස් ප්රවෘත්ති සේවය වෙත ප්‍රකාශ කරමින් කියා සිටියේය.
බේට්ස්ගේ මෙම ප්‍රකාශය සිදු කළේ මැතිවරණ සටනේ තීරණාත්මක යුධ පිටියක් වන පෙන්සිල්වේනියාවේ බයිඩන් ඉදිරියට පැමිණීමෙන් පසුවය.
මේ අතර, වංචා සහ ඡන්ද විමසීම්වල අක්‍රමිකතා පිළිබඳ චෝදනා උපුටා දක්වමින් ට්‍රම්ප් අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සටන ගෙන යන
බවට ප්‍රතිඥා දී තිබේ.
බයිඩන් පෙන්සිල්වේනියාවේ පෙරමුණ ගනිමින් සිටින අතර ට්‍රම්ප්ගේ ව්‍යාපාරය පවසන්නේ ‘මැතිවරණය තවමත් අවසන් නැත’ යන්න යි.
ට්‍රම්ප්ව පරාජය කිරීමට බයිඩන් සමත් වුවද, ජනවාරි මාසයේ සමාරම්භක දිනය තෙක් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ රැඳී සිටිනු ඇත. කෙසේ වෙතත්, තමන් පරාජය බාරගන්නවා වෙනුවට අධිකරණය සහ කොන්ග්රසස් මණ්ඩලය තුළ සටන අත්නොහැරීමට ට්‍රම්ප් ප්‍රතිඥා දෙයි.