තම සමාජවාදී දේශපාලන සගයා වන ලුවිස් ආර්කේ ගේ මැතිවරණ ජයග්රහණයෙන් පසු සියරටට පැමිණෙන බව බොලීවියාවේ හිටපු ජනාධිපති ඉවෝ මොරාලස් පවසයි.
ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස්හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ මොරාලස්, යළි මවුරටට පැමිණීමට තබා බලවත් කැමැත්තෙන් පසුවන බව කියා සිටියේය.

“ඉතා ඉක්මනින් මා යළි බොලීවියාවට යාමේ කැමැත්තෙන් පසුවන අතර ඒ පිළිබඳ කිසිදු සැකයක් නොමැත”, නිශ්චිත දින වකවානුවක් නොදක්වමින් මොරාලස් පැවසීය.
ඉරිදා පැවති බොලීවියානු ජනාධිපතිවරණයේදී සමාජවාදය සඳහා වූ ව්‍යාපාරයේ අපේක්ෂක ලුවිස් ආර්කේ 52% ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීමට සමත්ව ඇතැයි නිල නොවන ප්රතිඵලවල දැක්වේ. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන කාර්ලෝස් මෙසාට හිමිව ඇත්තේ 31% ක් පමණි.
වසරකට පෙර පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මුල්කරගනිමින් ඇතිවූ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මොරාලස්ට රටින පලායාමට සිදුවිය. අනතුරුව දක්ෂිණාංශික කණ්ඩායම් රටේ පාලන බලය හිමිකරගත නමුත්, අනතුරුව උද්ගතවු ජනතා උද්ඝෝෂණ හමුවේ ඔවුන්ගේ සැළසුම් අසාර්ථක විය.
