බොලීවියාව නව සමාජවාදී ජනාධිපතිවරයෙකු යටතේ අමෙරිකා එක්සත් ජනපද පාලනයට එරෙහි ලතින් අමෙරිකානු කලාපීය සන්ධාන සමග යළි එක්වෙයි

5fb890a72030271fa2436388.jpg

මෑතකදී බලයට පත් බොලිවීයානු ජනාධිපති ලුවිස් අරකේ, වාමාංශික නැඹුරුවක් සහිත සංවිධානවලින් ඉවත්වීමට පූර්වයෙන් පැවති “අන්තර්වාර” පාලනය ගත් තීරණය ආපස්සට හරවමින්, කලාපීය අනුකලනය අරමුණු කරගත් ප්‍රධාන සන්ධාන තුනක සාමාජිකත්වය යළි අරඹයි.

බලයෙන් පහකරන ලද බොලීවියාවේ නායක ඉවෝ මොරාලස්ගේ හිතවතකු මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා ද වන අරකේගේ පාලනය සෙලැක් යනුවෙන් හඳුන්වනු ලබන ලතින් අමෙිකානු කැරීබියානු රාජ්‍යයන්ගේ ප්‍රජාව, උනාසූර් හෙවත් දකුණු අමෙරිකානු ජාතීන්ගේ සංගමය සහ ඇල්බා හෙවත් අප අමෙරිකානු ජනතාව සඳහා වූ බොලිවේරියානු සන්ධානය යන කණ්ඩායම් තුනෙහි “සාමාජික රටක් ලෙස පූර්ණ සහභාගීත්වය” නැවත ලබාගත් බව නිවේදනය කළේය. මෙම සංවිධානය තුනම කලාපීය රටවල් අතර දේශපාලන සහ ආර්ථික සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් පිහිටුවා ගනු ලැබිණ.

ඔක්තෝබර් මාසයේ පැවති බොලීවියානු ජනාධිපතිවරණයේ දී අරකේ ලබාගත් ජයග්‍රසහණය මොරාලස් බලයෙන් පහකොට ඉකුත් වසරේ බලයට පත් අමෙරිකානු හිතවාදී ජෙනින් අනෙස්ගේ රජයට ජනතාව ලබාදුන් සරදමක් ලෙස සැළකෙන අතර, නව රජය බලයට පත්වීමත් සමඟ මොරාලස්ට යළි තම රටට පැමිණීමටත් පාලක සමාජවාදය සඳහා වූ ව්‍යාපාරයේ වාමාංශික න්‍යායපත්‍රය යළි ක්‍රියාත්මක කිරීමටත් ඉඩකඩ සලසා දෙනු ලැබිණ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top