(Image: Getty)
අර්බුදයට ලක්ව ඇති බ්‍රෙක්සිට් වෙළෙඳ සාකච්ඡා යළි පනගැන්වීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලෙයන් අතර බ්රසල්ස්හි පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වෙයි.

(Image: Getty)
දෙපාර්ශවය අතර “බෙහෙවින විශාල පරතරයක් පවතින බව” බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය. කෙසේ වෙතත්, ලබන ඉරිදාට පෙර එකඟතාවයකට එළැඹීම දෙපාර්ශවයේම අපේක්ෂාව බව ඔහු පැවසීය.
ජොන්සන් සහ යුරෝපා සංගමයේ ප්‍රධානියා අතර සාකච්ඡා පැය තුනකට ආසන්න කාලයක් පැවතිණ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ වෙළෙඳ නීති පිළිපැදීම ලබන දෙසැම්බර් මස 31 වන දින සිට නතර වන බැවින් ඊට පෙර එකඟතාවයක් ඇති කර ගත යුතුව පවතී. නමුත් ධීවර කටයුතු පිළිබඳ අයිතිවාසිකම්, ව්‍යාපාර තරගකාරීත්වය සහ ගිවිසුම අධීක්ෂණය කළ යුත්තේ කෙසේ ද යන කාරණා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර දැඩි මතභේද පවතී.
දෙසැම්බර් මස 31 දිනට පෙර එකඟතාවයකට එළැඹීමට දෙපාර්ශවය අපොහොසත් වුවහොත් බ්‍රිතාන්‍යයේ ගෘහස්ථ ජීවිතයට එමගින් දැඩි බලපෑමක් එල්ල වන අතරම, සම්මුතියකින් තොරව සිදුවන බ්‍රෙක්සිට් ක්‍රියාවලියක් මගින් (no deal Brexit) යුරෝපා සංගමයට ද දැඩි පීඩාවන්ට මුහුණදීමට සිදුවනු නිසැකය.

(Image: Getty)
යුරෝපා සංගමය තුළ දිගු කළක් පුරාවට පැවති මතය නම් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය විශාල ගැටළුවක් වනුයේ මිලියන 66 ක් වන එක්සත් රාජධානියේ ජනතාවට පමණක් බව යි. නමුත් යුරෝපා සංගමයේ මිලියන 450 ක ජනකායට ද එමගින් දැඩි බලපෑමක් එල්ලවන බව අන්තර්ජාතික මූල්‍ය ආයතන පෙන්වා දෙයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිදු කළ ප්රක්ශේපණයකට අනුව යුරෝපා සංගමයේ දිගුකාළීන නිෂ්පාදනය 0.5% කින් ද එක්සත් රාජධානියේ නිෂ්පාදනය 3% ද අඩුවීමට ඉඩ ඇත.