ලංඩනය සහ ටෝකියෝව දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 19.9 කින් වර්ධනය කරගැනීමට අදාළ ප්‍රධාන නිදහස් වෙළෙඳ ගිවිසුමකට අද අත්සන් තැබීය.
එක්සත් රාජධානිය 2021 වසර ආරම්භයේදී යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්ව යාමත් සමඟ නව සම්මුතිය බලාත්මක කෙරෙනු ඇත.

ස්වාධීන වෙළෙඳ ජාතියක් ලෙස අත්සන් තබන ලද තම ප්‍රථම ප්‍රධානතම වෙළෙඳ සම්මුතිය “ඓතිහාසික” එකඟතාවයක් බව, ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටේගි සමඟ වාර්තාකරුවන් හමුවට පැමිණි බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික වෙළෙඳ ලේකම් ලිස් ටෘස් කියා සිටියාය.
බ්‍රිතාන්‍යය ජපානය සිදු කරන විශාලතම අපනයන ක්ෂේත්රය වන්නේ මූල්‍ය සේවාවන් වන අතර එය සමස්ථ අපනයනයෙන් 28% කි. මෙම ගිවිසුමට අනුව, වයින්, ඇඳුම්, සපත්තු, චීස් මෙන්ම ඌරු මස් සහ බිස්කට් ජපානය තුළ ලාබ වනු ඇත.
ජපාන මෝටර් රථ සඳහා පැනවෙන ආනයනික බදු ද සැළකිය යුතු පරිදි අඩුකිරීමට නියමිතය. ජපාන විදේශ අමාත්‍යාංශයට අනුව ජපානය බ්‍රිතාන්‍යයට වාර්ෂිකව යෙන් ට්රිලින 1.5 ක් (ඩොලර් බිලියන 14) වටිනා භාණ්ඩ අපනයනය කරන අතර එයින් වැඩි ප්‍රමාණයක් මෝටර් රථ, රථවාහන අමතර කොටස් සහ අනෙකුත් යන්ත්‍රෝපකරණවලින් සමන්විතය.