බ්‍රිතාන්‍යයේ පොහොසත්ම 1% සතුව රටේ සමස්ථ ධනයෙන් හතරෙන් එකක්

5ff1a7602030272e9f1a73d7.jpg

FILE PHOTO AFP / Carl De
Souza

එක්සත් රාජධානිය තුළ ගෘහවලින් හතරෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් සතු ධනය රටේ මුළු ජනගහණයෙන් සියයට එකක් තරම් සුළු පිරිසක් අත පවතින බව නවතම අධ්‍යයනයකදී හෙළිවේ. රට තුළ වර්ධනය වෙමින් පවතින ධනය බෙදී යාමේ විෂමතාවය මෙමගින් පෙන්නු කෙරෙන බව අධ්‍යනය සිදු කළ රෙසොලියුෂන් ෆවුන්ඩේෂන් නම් වූ ආයතනය පවසයි.

 

AFP / Tolga Akmen

ර‍ටේ නිල සංඛ්‍යාලේඛනවල දැක්වෙන ප්‍රමාණයට වඩා පවුම් මිලියන 800 ක පමන ධනයක් රටේ කුඩා සුළුතර කණ්ඩායමක් අත පවතින බව අධ්‍ය‍නයේදී හෙළිවී තිබේ. මෙම සංඛ්‍යාව මීටත් වඩා ඉහළ අගයක් ගත හැකි බව ද එම අධ්‍යයනයේ දැක්වේ.

2008 වසරේ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු එක්සත් රාජධානිය තුළ ඇති නැති පරතරය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මූල්‍ය ධනයෙන් 93% ක් පමන නිවාස වැනි වත්කම්වල වටිනාකම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස උත්පාදනය වී ඇතැයි අධ්‍යයනය පෙන්වා දෙයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top