බුරවි චණ්ඩ මාරුතය හමුවේ දස දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යති

Screenshot-2020-12-02-184923.png

(AP Photo)

බුරවි චණ්ඩ මාරුතය දිවයිනට ළඟාවත්ම සමඟ නැගෙනහිර වෙරළ තීරයේ 75,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යති. පැයට කිලෝ මිටර 80-90 අතර ප්‍රබලත්වයෙන් යුත් සුළං රැගත් අද දිවයිනට ඇතුළු විය.

 [AFP]

මෙම චණ්ඩ මාරුතය හේතුවෙන් වෙරළාශ්‍රිත නිවාසවලට සහ විදුලි රැහැන්වලට හානි සිදුවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි ගමන් මග ආශ්‍රිත ජනයාට තම නිවෙස් තුළට වී සිටින ලෙස බලධාරීහු අනතුරු අඟවති.

චණ්ඩ මාරුතයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්කය තුළ සහණ සේවා මධ්‍යස්ථාන 237 ක් ස්ථාපනය කොට ඇත.

“ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 200 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අතුල කරුණාරත්න පවසයි.

 බ්‍රහස්පතින්දා දිනය වන විට චණ්ඩ මාරුතයේ ගමන් මග අරාබි මුහුද බලා වයඹ දෙසට යොමු විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

බුරවි චණ්ඩ මාරුතය සිකුරාදා උදය කාලයේ දකුණු ඉන්දියාවට ඇතුළුවිය හැකි බවට ප්‍රක්ෂේපණය කොට ඇතැයි ඉන්දීය කාළගුණ විද්‍යා බලධාරීහු පවසති.

තමිල්නාඩු සහ කේරල ප්‍රාන්තවල කණ්ඩායම් 26 ක් යොදවා ඇතැයි ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකාය කියා සිටී.

මෙම ප්‍රාන්ත දෙක ආශ්‍රිතව ප්‍රදේශ රැසකට රතු නිවේදන නිකුත් කොට ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top