කොරෝනා වෛරස් වසංගතය: ‘ලොව හොඳම ගුවන් තොටුපොල’ දිග්ගැසුණු අර්බුදයක් පිළිබඳ අනතුරු අඟවයි

114749558_changi-1.jpg

කොවිඩ් – 19 වසංගතය අවසන් වන කිසිදු සළකුණක් දක්නට නොලැබෙන තත්වයක් තුළ “අතිශයින් දුෂ්කර කාලපරිච්ඡේදයක්” පිළිබඳව සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටුපොල අනතුරු අඟවයි.

 

ආසියාවේ ප්‍රවාහන කේන්ද්‍රස්ථානය ලෙසින් සැළකෙන සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොල පිට පිට අටවැනි වසරටත් ලොව හොඳම ගුවන්තොටුපොල ලෙසින් ඡන්ද විමසුමකින් තෝරා ගනු ලැබ තිබේ.

 

චැන්ගි ගුවන් තොටුපොලට පැමිණෙන ගුවන්යානා සංඛ්‍යාව ඉතිහාසයේ අඩුම අගයට ළඟාවීමත් සමඟ එහි පර්යන්ත දෙකක් තාවකාළිකව වසා දැමීමට සිදුවිය.

 

පස්වැනි පර්යන්තය ඉදිකිරීමේ කටයුතු ද වසර දෙකකට කල්දැමීමට ගුවන් තොටුපොල බලධාරීන් තීරණය කර ඇත.

 

“කොවිඩ් – 19 ට එරෙහි සටන ආරම්භවූවා පමණි”, චැන්ගි ගුවන් තොටුපොල සමාගම් සමූහය තම වාර්ෂික වාර්තාව මගින් කියා සිටී. “තත්වය සමනය වන බවක් නොපෙනෙන පසුබිමක් තුළ අනාගතය බෙහෙවින් දුෂ්කර බැව් පෙනේ”.

 

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සමාගමට සිදුව ඇති පාඩුව අමෙරිකානු ඩොලර් මිලියන 435 කි.

 

එක්සත් රාජධානියේ ස්කයිට්‍රැක්ස් වි‍ශ්ලේෂණ සමාගමේ ශ්‍රේණිගතකිරීම්වලට අනුව චැන්ගි ගුවන් තොටුපොල 2020 වසරේදී ද පිට පිට අටවැනි වසරටත් ලොව හොඳම ගුවන් තොටුපොල ලෙස නම් කරනු ලැබ ඇත.

 

ඉකුත් වසරේදී, චැන්ගි ගුවන් තොටුපොල ජුවෙල් යනුවෙන් හඳුන්වනු ලබන වර්ග අඩි මිලියන 1.5 ක ප්‍රදේශයක් පුරා දිවයන සාප්පු සංකීර්ණයක් සහ විනෝදාස්වාද සංකීර්ණයක් ගුවන් විවෘත කළේය. සාප්පු සංකීර්ණයට අමතරව  වැසිවනාන්තරයක් සහ ලොව විශාලතම ගෘහස්ත දිය ඇල්ල ඇතුළු ආකර්ශණ රැසක් ඊට ඇතුළත්ය.  

 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top