චාලි හෙබ්ඩෝ පුවත්පත පළකළ ජනාධිපති කාටූනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තුර්කිය තර්ජනය කරයි

4000.jpg

ප්‍රංශ උපහාසාත්මක පුවත්පතක් වන චාලි හෙබ්ඩෝ
ආයතනයට එරෙහිව “නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික” ක්‍රියාමාර්ග ගන්නා බවට තුර්කිය තර්ජනය
කරයි.

එම පුවත්පතෙහි රිසෙප් ටයිප් එර්ඩොගාන් ඔහුගේ යට ඇඳුම්වලින්
නිරූපණය කර ඇත

තුර්කි නායකයා විසින් “පිළිකුල් සහගත” ලෙස විස්තර කර ඇති මෙම කාටූනය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් තුර්කි නීති බලධාරීන් නිල පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අන්කාරා පාලනය නිවේදනය කර ඇති අතර දෙරට අතර දැනටමත් පවත්නා ආතතීන් තවදුරටත් උත්සන්න වෙමින් පවතී.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට “මානසික පරීක්ෂාවන්” අවශ්‍ය බව පවසන එර්ඩොගාන්බටහිර රටවල් ඉස්ලාම් දහමට සමච්චල් කරමින් “කුරුස යුද්ධ නැවත ආරම්භ කිරීමට” දරන උත්සාහ බවට චෝදනා කළේය.

ඔහු තුර්කි පාර්ලිමේන්තුවට පැවසුවේ තමා එම කාටූනය දැක නැති බවත් ඒ දෙස නොබලන බවත්ය. යට ඇඳුමින් පමනක් සිටින එර්ඩොගාන් කාන්තාවකගේ හිජාබය ඔසවා ඇයගේ කකුල් පරීක්ෂා කරන අයුරු කාටූනයේ දැක්වේ.

මෙම දුරාචාර ප්‍රකාශන දෙස බැලීම වැරදියි… අපේ ආදරණීය නබිතුමාට අපහාස කරන නින්දිතයන්” යැයි එර්ඩොගාන් මන්ත්‍රීවරුන් හමුවේ කියා සිටියේය. තුර්කියේ හා ඉස්ලාම් ආගමේ සතුරන් නිදහසේ නාමයෙන් වෛරයේ හා සතුරුකමේ ගිලී මිය යනු ඇතැයි මම විශ්වාස කරමි. එය යුරෝපය නැවත අඳුරු යුගයකට පැමිණ ඇති බවට ලකුණකි. ”

ප්‍රංශය තුර්කියට එරෙහිව සම්බාධක පනවන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින අතර අන්කාරා පාලනයේ නීතිවේදී කාර්යාලය චාලි හෙබ්ඩෝහි අධ්‍යක්ෂවරුන් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නිවේදනය කර ඇත.

ප්‍රංශයේ යුරෝපීය අමාත්‍ය ක්ලෙමන්ට් බියුන් ප්‍රංශ සෙනට් මණ්ඩලය හමුවේ මෙසේ පැවසීය: “සම්බාධක පැනවීම ඇතුළු ප්‍රබල ප්‍රතික්‍රියාවක් කරා අපි යුරෝපා සංගමය යොමු කරමින් සිටින්නෙමු.” සෑම දිනකම එර්ඩොගාන් “පිළිගත හැකි” සීමාවන් තව දුරටත් ඉක්මවා යමින් සිටින බව පැවසූ ඔහු තුර්කියේ “ප්‍රකෝප කිරීම්” පිළිබඳව චෝදනා කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ “ඉස්ලාම් භීතිකාව” පිළිබඳව ප්‍රංශය තුළ දැඩි විරෝධතා පැනනඟිමින් තිබේ. මේ අතර, ජනාධිපති උපදේශකයින් පැවසුවේ දේශීය දේශපාලන හේතූන් මත මැක්‍රොන්ගේ වචන ඇතැම් නායකයින් හිතාමතාම “විකෘති” කරන බවයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top