චීනයේ බාර්ලි බද්දට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් ලෝක වෙළඳ සංවිධානයට අභියාචනයක්

112835936_hi061616911.jpg

EPA

ලෝක වෙළඳ සංවිධානයට (WTO) අභියාචනයක් ඉදිරිපත් කරමින් ඕස්ට්‍රේලියාව චීනය තම රටේ බාර්ලි අපනයන සඳහා පනවන ලද ආනයනික බදු අභියෝගයට ලක් කිරීමට සූදානම් වෙයි.

මේ වසරේදී භාණ්ඩ රැසක් සඳහා චීනය විසින් පනවන ලද සම්බාධක ගණනාවකට ප්‍රතිචාර වශයෙන් ඕස්ට්‍රේලියාව ගනු ලබන ප්‍රථම ආරක්ෂක පියවර මෙයයි.

දෙරට අතර දේශපාලන ආතතීන් උත්සන්න වීමත් සමඟ බෙයිජිං පාලනය ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කෙරෙන  කිරිමස්වයින් සහ වෙනත් භාණ්ඩවලට අවහිර කිරීම් හෝ බදු පැනවීමට ක්‍රියා කළේය.

රටේ සමස්ථ අපනයනයෙන් 40% කට දයක වන තම විශාලතම වෙළෙඳ  හවුල්කරු විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඕස්ට්‍රේලියාව බරපතල අර්බුදයකට මුහුණ පා සිටී.

මේ සතිය මුලදී චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ චීන‍යේ තෙවැනි විශාලතම අපනයන කර්මාන්තය වන ඕස්ට්‍රේලියාවේ තාප ගල් අඟුරු අපනයනයට ද සීමාවන් පැනවීමට තමන් සූදානම් බවයි.

කෙසේ වෙතත් එම වාර්තා තහවුරු කිරීම බෙයිජිං පාලනය ප්‍රතික්ෂේප කළේය. එහෙත් චීනය මීට පෙර තමන්ට  හිතකාමී නොවන” සහ සතුරු” ආකල්ප ඇති බවට ඔස්ට්‍රේලියාවට චෝදනා කළේය.

චීනය ඔස්ට්‍රේලියාවේ කටයුතුවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කැන්බරා පාලනය කර ඇති චෝදනා දෙරට අතර ආතතීන් වර්ධනය කිරීමට හේතු විය.

චීනය ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා ඉකුත් මැයි මාසයේ දී පනවන ලද  80% ක ආනයනික බද්දක් පැනවූයේ තත්වයෙන් පහත් නිෂ්පාදන තම රටට මහා පරිමාණයෙන් රැගෙන එන බවට චෝදනා කරමින් ය. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top