චීනය තීරයක් මාවතක් වැඩපිළිවෙලට අයත් රටවල් සමඟ සහයෝගීතාව තවදුරටත් තර කර ගනී

China-Belt-and-Road-Laos-Highspeed-Rail.jpg

කොවිඩ් –19 හි බලපෑමට මුහුණ දෙමින් චීනය තීරයක් සහ මාවතක් (බීආර්අයි) වැඩපිළිවෙලට අයත් රටවල් සමඟ සහයෝගීතාවය තවදුරටත් තහවුරු කොට ගෙන ඇති බව එරට ඉහළම ආර්ථික සැලසුම්කරු පවසයි.

චීනය රටවල් 138 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 31 ක් සමඟ තීරයක් සහ මාවතක් සහයෝගීතා ලේඛන 201 කට අත්සන් තබා ඇති බව ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු වන මෙංග් වී මාධ්‍ය හමුවකදී පැවසුවා ය.

වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ බී ඇන්ඩ් ආර් රටවල් සමඟ වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 963.4 ක් පමණ වූ අතර මෙම රටවල චීනයේ මූල්‍ය නොවන සෘජු ආයෝජනය වසරින් වසර 29.7% කින් ඩොලර් බිලියන 13.02 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඇය පෙන්වා දුන්නා ය.

නොවැම්බර් 5 වන දින වන විට චීන-යුරෝපයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා ජාලය ගමන් වාර 10,180 ක් සිදු කර ඇති අතර මේ වසරේදී චීන-යුරෝපා ප්‍රවාහන දුම්රිය හරහා වෛද්‍ය සැපයුම් පාර්සල් මිලියන 8 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බව මෙන්ග් කියා සිටියා ය.

චීන-ලාඕස් දුම්රියචීන-තායිලන්ත දුම්රියජකර්තා-බැන්ඩුන් අධිවේගී දුම්රිය සහ හංගේරියාව-සර්බියා දුම්රිය ඇතුළු ප්‍රධාන බී ඇන්ඩ් ආර් ව්‍යාපෘති ධනාත්මක ප්‍රගතියක් ලබා ඇති බව ඇය පැවසුවාය.

වසංගතය පැතිර ගිය දා සිට චීනය ලොව විශාලතම වසංගත විරෝධී භාණ්ඩ සැපයුම්කරු ලෙස සිය භූමිකාව ඉටු කර ඇති අතර රටවල් 150 කට වැඩි ගණනකට සහ ජාත්‍යන්තර සංවිධානවලට හදිසි ද්‍රව්‍ය කාණ්ඩ 280 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇතැයි මෙංග් වැඩිදුරටත් සඳහන් කළා ය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top