2021 නව වසර ආරම්භයේ, චීනයේ වූහාන් නගරයේ වෙළඳ සංකීර්ණ ජනතාවගෙන් පිරී තිබෙන අයුරු දක්නට ලැබිණ. එහි ජනතාව මුඛ ආවරණ පැළඳ තම නෑදෑයින් හා යහළුවන් සමග ප්‍රීතිමත්ව සාප්පු සවාරි යාම සුලබ දසුනක් විය.
එහෙත් මීට වසරකට පෙර වූහාන් නගරයේ පැවතියේ මීට හාත්පසින්ම වෙනස් ස්වරූපයකි. පුරා දින 76ක් නගරය හුදෙකලා කර තිබූ අවධියේ එහි මහා මාර්ග රැසක් ජනශුන්‍ය වී තිබිණ.සමස්ත ලෝකයේ අවධානය යොමුවී
තිබුණේ වූහාන් වෙතටය.


වූහාන් නගරය, එදා සහ අද…
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය වසරේ මාර්තු 10 වැනිදා හුදෙකලා කර තිබූ වූහාන් නගරයට පැමිණියේය. කොරොනා වසංගතයේ බරපතල අභියෝගයට මුහුණ දී සිටි ජනතාවගේ සුවදුක් විමසමින් එහි ජන ජීවිතයේ ආරක්ෂාව මෙන්ම වසංගත පාලනය ප්‍රයෝගිකව පරීක්ෂා කිරීම ඔහුගේ අරමුණ විය.

නැවුම් මාළු ආහාරයට ගැනීම වූහාන් ජනතාවගේ විශේෂ රුචිකත්වයකි. ඒ පිළිබඳව දැනගත් චීන ජනාධිපතිවරයා නැවුම් මාළු සැපයීම හැකි තරම් සිදු කළ යුතු බව අවධාරණය කළේය. නැවුම් මාළු රැගත් රථ සිව් දෙසින් වූහාන් නගරයට ළඟා වන ආකාරය දින කිහිපයකට පසුව දක්නට ලැබිණ.
චීනය වසංගතය සාර්ථකව පාලනය කළ ආකාරය පිළිබඳව එවකට චීනයේ රැඳී සිටි විදේශීය මිතුරන් අදහස් පළ කර තිබේ. වසංගත සමයේ වූහාන් නගරයේ රැඳී සිටි ප්‍රංශ වෛද්‍යවරයෙකු වූ Philippe Klein මහතා සඳහන් කළේ තමා සමස්ත වසංගත පාලන ක්රියාවලියේම සාක්ෂිකරුවෙක් බවයි. චීන රජය වසංගතය පාලනය කිරීම සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දුන් අතර චීන ජනතාව ද ඒ සඳහා අදහාගත නොහැකි කැපකිරීමක් සිදු කර ඇතැයි ඔහු කියා සිටී.

වූහාන් නගරයේ වෛද්‍ය සහන සේවාවේ නිරතව සිටි Philippe Klein මහතා

Kuhn අරමුදලේ සභාපති Robert Lawrence Kuhn මහතා
වසංගතය මැඩපැවැත්වීමේ දී චීන රජය පිළිබිඹු කළ සංවිධානාත්මක ලක්ෂණ ලෝක සෞඛ්‍ය ඉතිහාසයේ විශිෂ්ට අවස්ථාවක් බව ඇමරිකාවේ Kuhn අරමුදලේ සභාපති Robert Lawrence Kuhn මහතා සඳහන් කරයි. වසංගත ව්‍යාප්තිය කලෝචිතව වැළැක්වීමට හැකි වීමේ ප්‍රධාන සාධකය, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය බව ඔහු පැවසීය.
මෝතිලාල් හිස්සැල්ල චීනයේ බෙයිජිං අගනුවර සිට…..

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.