ඉදිරි මාසවලදී චීනය සිය එන්නත් සඳහා අවසාන අදියර අත්හදා බැලීම් කළ රටවලට කොරොන වයිරස් එන්නත් මාත්‍රාව මිලියන සිය ගණනක් යැවීමට සූදානම් වෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට එහිලා ප්‍රමුඛතාවය ලබා දෙන බවට චීන නායකයෝ පොරොන්දු වෙති.

චීනය දැනට තම සමාගම් පහක් සතුව කොරෝනා වෛරස් එන්නත් 5 ක් සංවර්ධනය කරමින් සිටින අතර එම සියල්ල තුන්වැනි අදියරයේ සායනික අත්හදාබැලීම් සිදු කෙරෙමින් පවතී. එන්නතක් මහජන භාවිතය සඳහා යොදා ගැනීමට පෙර අවසන් සහ වැදගත්ම අදියරය ලෙස මෙම තෙවැනි අදියරය සැළකේ.

තම රට අභ්‍යන්තරයේ කොවිඩ් – 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමෙන් අනතුරුව, චීන ඖෂධ සමාගම් තම එන්නත්වල කාර්යක්ෂමතාවය පිළිබඳව විදේශගත පරීක්ෂණ ආරම්භ කොට ඇත. දැනමත් රටවල් 16 ක් ආශ්‍රිතව ඒම අත්හදා බැලීම් සිදුකෙරේ.
මෙම එන්නත් බෙයිජිං පාලනයට තම “මෘදු බලය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ ප්‍රතිපත්තිය සඳහා වූ මෙවලමක්” ලෙස භාවිතා කළ හැකි බව සීඑන්එන් ප්රවෘත්ති සේවාව පවසයි.