මේ වසරේ පළමු මාස 11 තුළ චීනයේ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 29 ඉක්මවා තිබේ. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා සියයට 1.8 ක ඉහළයාමකි.

එමෙන්ම නොවැම්බර් මාසයේ චීනයේ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 460 දක්වා ඉහළ ගොස් තිබේ.එය 13.6% ක වර්ධනයකි. චීන රේගු මහ පරිපාලනය පසුගිය සඳුදා(07) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව අනාවරණය වී ඇත.
වසංගතයෙන් පසු චීන ආර්ථිකය යථා තත්වයට පත්වී ඇති බව මැනවින් පැහැදිලිය. මේ වසරේ ධනාත්මක වර්ධනයක් අත්පත් කරගන්නා එකම ප්‍රධාන ආර්ථිකය චීනය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු බොහෝ අන්තර්ජාතික සංවිධාන තක්සේරු කර ඇත්තේ මේ නිසා විය හැකිය.
ආසියාන් සංගමය චීනයේ විශාලතම වෙළඳහවුල්කාරී ආයතනය බවට පත්වී තිබේ. ගෙවීගිය මාස 11 තුළ චීනය හා ආසියාන් සංගමය අතර සිදුවූ සමස්ත වෙළඳ ගනුදෙනු වටිනාකම යුවාන් ට්‍රිලියන 4.24 කි. එය චීනයේ විදේශ වෙළඳාමෙන් සියයට 14.6 ක ප්රමාණයකි. එමෙන්ම එය පසුගිය වසරේ පැවති අගයට වඩා සියයට 6.7ක වර්ධනයකි.
වසර 8 ක විධිමත් සාකච්ඡා වට 28 කින් පසුව, නැගෙනහිර ආසියානු කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට (RCEP) පසුගියදා අත්සන්තැබිණ.

Li Tao/Xinhua, via Associated Press
ලොව විශාලතම ජනගහනය, වඩාත්ම විවිධාකාර සාමාජික ව්‍යුහය සහ ලොව විශාලතම සංවර්ධන විභවය සහිත නිදහස් වෙළඳ කලාපය ඉදිකිරීම එමගින් ආරම්භ කර තිබේ. සංඛ්‍යාලේඛනවලට අනුව, RCEP සාමාජිකරටවල් 15 හි සමස්ත ජනගහනය, ආර්ථික පරිමාව සහ සමස්ත වෙළඳ පරිමාව ගෝලීය මස්තයෙන් 30% ක් පමණ වන අතර එයින් අදහස් වන්නේ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක පමණ ඒකාබද්ධ වෙළඳපොළක් නිර්මාණය වනු ඇති බවයි. මෙය නිසැකවම, පසුගිය විසිවසර තුළ නැගෙනහිර ආසියානු කලාපයේ ආර්ථික ඒකාබද්ධතාවය ගොඩනැගීමේ වැදගත්ම ජයග්‍රහණය පමණක් නොව, ලෝකයට සුවිශේෂී වැදගත්කමක් ද ගෙන එනු ඇත.
ගෙවී ගිය මාස 11 තුළ චීනය හා යුරෝපා සංගමය, ඇමරිකාව, ජපානය අතරවූ වෙළඳ ගනුදෙනු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් සියයට 4.7කින්, සියයට6.9 කින් හා සියයට 1.4 කින් වර්ධනය වී ඇත.මෙම තත්වය අඛණ්ඩව යහපත්වීමේ සංවර්ධන ප්‍රවණතාවක් පවතී.
චීනයේ වෙළඳ සමාගම් වර්ධනය කෙරෙහි පුද්ගලික සමාගම් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකර තිබේ. ඔවුන්ගේ විදේශ වෙළඳාම පළමු මාස 11 තුළ සියයට 11.3 කින් වර්ධනය වී ඇත.එය රටේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 46.4 ක් විය.
යාන්ත්‍රික හා විදුලි නිෂ්පාදන රටේ අපනයනවල ඉහළම කොටස ලබාගත් අතර ඒවායේ අපනයන වටිනාකම පළමු මාස 11 තුළ යුවාන් ට්‍රිලියන 9.57 දක්වා ළඟාවී තිබේ. එය සියයට 5.4 ක වාර්ෂික වර්ධනයකි.
මුහුණු ආවරණ ඇතුළු රෙදිපිළි අපනයනය වාර්ෂිකව සියයට 33 කින් ඉහළ ගිය අතර වාහන අපනයන සියයට 3.7 කින් පහත වැටුණි.

චීන රේගු මහ පරිපාලනයේ සංඛ්‍යාලේඛන අනුවපසුගිය නොවැම්බර් මාසයේ චීනයේ වෙළඳ ආනයනයෙන් හා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 460කට වැඩි වටිනාකමක් නිර්මාණය වී ඇත. 13.6% ක්වූ එම වර්ධනය තුළ ආනයන 4.5% කින්ද අපනයන 21.1% කින්ද වර්ධනය වී තිබේ. චීනයේ ප්‍රබල අපනයන වර්ධනය මෙහිදී කැපී පෙනේ. එය, මීට පෙර Bloomberg ආයතනයේ විශ්ලේෂකයන් ඇස්තමේන්තු කළ 12% ක වර්ධනය ද ඉක්මවා යාමකි.
පසුගිය නොවැම්බර් මාසය වනවිට චීනයේ අපනයනය මාස 6 ක් තිස්සේ ධනාත්මක ලෙස වර්ධනය වී ඇත. එමෙන්ම චීනය ආනයනය කළ භාණ්ඩ ප්‍රමාණය ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. චීනයේ දේශීය පරිභෝජන අවශ්‍යතා නොකඩවාම වර්ධනය වෙමින් පවතී. අන්තර්ජාල වෙළඳාම තව තවත් වර්ධනය වීමෙන් එම අවශ්‍යතා වඩාත් වේගයෙන් සපුරාලීමට පහසු මාර්ගයක් සපයා දෙයි. මෙය චීනයේ ආනයන වෙළඳාමේ වර්ධනයට තුඩුදෙන වැදගත් සාධකයක් බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ.
චීනයේ විදේශ වෙළඳාම ස්ථිර ලෙස පුනරුත්ථාපනය වෙමින් පවතින බැවින් එය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන් සඳහා වැදගත් ගාමක බලයක් බවට පත්වී ඇත. මේ වසරේ මුල් මාස 11 තුළ ආසියාන් සංවිධානය, යුරෝපා සංගමය, ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව යන ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් පහ සමග චීනය සිදුකළ ආනයන හා අපනයන වෙළඳ ගනුදෙනු සියල්ලම වර්ධනයක් අත්කර ගෙන තිබේ. මේ වනවිට ලොව ප්‍රධානම ආර්ථිකයන්හි අපනයනය තුළ චීනයට හිමි අනුපාතය නොකඩවාම ඉහළ ගොස් ඇත. ගෝලීය ආර්ථිකය චීනය මත යැපීම තව තවත් වැඩිවීමේ ලකුණක් එමගින් පහළ වෙමින් පවතී. චීනය ගෝලීය වෙළඳාමෙහි ප්‍රබල “ස්ථායීකාරකය" බවට පත්ව තිබේ.
………………..
මෝතිලාල් හිස්සැල්ල චීනයේ බෙයිජිං අගනුවර සිට…

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.