දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු විශාලතම තර්ජනය චීනයයි – අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියා කියයි.

Chinese-military-power.jpeg

නට්සි ජර්මනියෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ
විශාලතම තර්ජනය චීනය බවත්, බෙයිජිං පාලනය සමඟ දිගුකාළීන ගැටුම්කාරී අවදියකට ප්‍රතිපත්ති සම්පාදකයින් සූදානම් විය යුතු බවත් අමෙරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් පවසයි.

අමෙරිකානු බුද්ධි අංශවලට “චීනයේ අරමුණු සහ ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි දැක්මක් ඇති කරගැනීමට අවශ්‍ය සම්පත් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ලබාදීමට හැකි බව” සහතික කිරීම සඳහා තම බුද්ධි අංශ අභ්‍යන්තර අයවැයෙන් ඩොලර් බිලියන 85 ක මුදලක් දැනටමත් වෙන් කොට ඇතැයි රැට්ක්ලිෆ් කියා සිටී.

“මහජන චීන ජනරජය අමෙරිකාවට අද ඇති විශාලතම තර්ජනයයි වන අතරම දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට එල්ලව ඇති බරපතලම අභියෝගයයි, වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට තම අදහස් දක්වමින් රැට්ක්ලිෆ් සඳහන් කරයි. බුද්ධි අංශයලට පැහැදිලිව ඇත්තේ මෙයයි: බෙයිජිං පාලනයට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු සෙසු ලෝකය මත ආර්ථිකමය, යුදමය සහ තාක්ෂණික ආධිපත්‍යය පවත්වාගෙන යාමට වුවමනාවී තිබේ.

රැට්ක්ල්ෆ්ට පෙර ට්‍රම්ප් පාලනයේ සෙසු ඉහළ නිලධාරීන් වන රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ සහ නීතිපති විලියම් බාර් ද මීට සමාන අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබිණ. අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියාගේ මෙම දැඩි අනතුරු ඇඟවීමේ අරමුණ ලබන ජනවාරි මස 20 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන ජෝ බයිඩන්ගේ චීන ස්ථාවරයට බලපෑම් කිරීම බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top