චීනය දකුණු චීන මුහුදේ ඉලක්කගත නෞකාවකට “ගුවන් යානා ප්‍රවාහන නෞකා ඝාතක” මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බැව් හෙළිවේ

China_South_China_Sea_11571.jpg-877ce_c0-12-5000-2926_s561x327.jpg

ඉකුත් අගෝස්තු මාසයේ දී, චීනය විසින් “ගුවන් යානා ප්‍රවාහන නෞකා ඝාතක” යනුවෙන් හඳුන්වනු ලබන මිසයිල ප්‍රහාර දෙකක් අත්හදා බලන ලදි. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන හමුදාවේ හිටපු හමුදා නිලධාරියෙකු කියා සිටියේ එම මිසයිල දකුණු චීන මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවකට සාර්ථකව එල්ල කෙරුණු බවයි. කලාපය තුළ අමෙරිකානු යුද ක්‍රියාකාරීත්වයට මුහුණදීමෙහිලා නිශ්චිත ඉලක්කයකට පහරදීමේ හැකියාව තමන් සතු බව ප්‍රදර්ශනය කිරීම එහි අරමුණ වී තිබේ.

මෙම මිසයිල චීන ගොඩබිමේ සිට සැතපුම් දහස් ගණනක් දුර ගමන් කරමින් තම ඉලක්ක වෙත ළඟා විය. ඩීඑෆ් – 26 බී නමැති එක් මිසයිලයක් චීනයේ වයඹදිග ක්වින්හායි ප්‍රාන්තයේ සිට එල්ල කෙරුණු අතර, ඩීඑෆ් – 21ඩී නමැති අනෙක් මිසයිලය නැගෙනහිරදිග සේජියෑංග් ප්‍රාන්තයේ සිට අදාළ ඉල්ලකය වෙත යොමු කෙරිණ.

පසුගිය ග්‍රීෂ්ම සෘතුවේ අමෙරිකා එක්සත් ජනපදය දකුණු චීන මුහුදේ සිදුකළ ප්‍රකෝපකාරී ක්‍රියාවන් ගණනාවකට පිළිතුරු වශයෙන් මෙම අත්හදාබැලීම් සිදු කළ බව චීනයේ හිටපු හමුදා නිලධාරියෙකු වන වැංග් ක්ෂියෑංග්සුයි බදාදා දිනයේ අනාවරණය කළේ ය. ග්‍රීෂ්ම සෘතුව පුරාවටම අමෙරිකා එක්සත් ජනපද ගුවන් යානා ප්‍රහාරක නෞකා දකුණු චීන මුහුදේ යාත්‍රා කළ අතර, මතභේදයට තුඩුදී ඇති සාගර කලාපයට ඉහළින් යුද නෞකා පියාසර කිරීම ද වඩාත් තීව්‍ර කළේය.

මෙම මිසයිලයක් අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට එල්ල වුවහොත් බරපතල ප්‍රතිවිපාකයක් සිදුවනු ඇති බවට ජීනීවාහි අමෙරිකානු ආරක්ෂක නිලධාරියෙකු ප්‍රකාශ කළ බව ද වැංග් පවසයි. “නමුත් අප මෙම අත්හදා බැලීම් සිදුකළේ ඔවුන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට පිළිතුරු වශයෙන්”, ඔහු පෙන්වා දෙයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top