චීනය කොවිඩ් – 19 රෝග ව්‍යාප්තිය මුළුමනින්ම පාහේ පාලනය කරයි. ඒ සමඟ කෝටි සංඛ්‍යාත චීන වැසියෝ පිරිසක් එකවිට නිවාඩු සමය ගත කිරීමට පිටව යති

200929123324-qingdao-golden-week-2014-exlarge-169.jpg

චීනය යළි යථා තත්වයට පැමිණෙයි. ඔක්තෝබර් මස 1 දින පැමිණීමත් සමඟ කෝටි සංඛ්‍යාත චීන වැසියෝ පිරිසක් අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග සහ ගුවන් මගින්, ලොව වැඩිම ජනගහණයක් වෙසෙන රටේ වඩාත් කාර්ය බහුල සංචාරක සමය අරඹමින් ජාතික නිවාඩු දිනය සැමරීමට ගම්බිම් බලා පිටව යති.

දින අටකින් යුත් මධ්‍ය-වසන්ත උත්සව සමය කොරෝනා වෛරස් ආසාදනය පැතිරයාමෙන් අනතුරුව චීනය මුහුණ දෙන ප්‍රථම ප්‍රධාන විවේක සමයයි. ඉකුත් මාස කිහිපය තුළ රටේ ජනජීවිතය යථා තත්වයට පැමිණි අතර, “රන් සතිය” විවේක සමය වෛරසය මැඬලීමට අදාළ චීනයේ සාර්ථකත්වයේ කථාන්තරය ලොවට කියාපෑමට අනගි අවස්ථාවක්වී තිබේ. එ් සමඟ රටේ ආර්ථිකය ප්‍රකෘතිකරණයට රැගෙන ඒමේ අපේක්ෂාවන් ද ජනිතව පවතී.

ඉකුත් වසරේ, මෙම නිවාඩු සමය තුළ මිලියන 782 ක පිරිසක් දේශීය වශයෙන් සංචාරවල නිරතවූ අතර එමගින් ලැබුණු සංචාරක ආදායම යුවාන් 650 කට (අමෙරිකානු ඩොලර් බිලියන 95 ක) අදායමක් ඉපැයු බව චීන සංස්කෘතික සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මේ වසරේදී මිලියන 550 ක පමන දේශීය සංචාරයන් සංඛ්‍යාවක් සිදුවනු ඇතැයි එම අමාත්‍යාංශය පුරෝකතනය කරයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top