චීනය අමෙරිකා එක්සත් ජනපදය අභිබවා යමින් මුල් වරට යුරෝපා සංගමයේ විශාලතම වෙළෙඳ හවුල්කරු බවට පත්වෙයි

Largest-container-ship-Rotterdam-800x450-1.jpg

 

ලොව විශාලතම බහළුම් නෞකාව වන එච්එම්එස් ඇල්ගෙසයිරස් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වෙත 2020 ජූනි මස 3 වන දින සේන්දු වන අයුරු ජනයා බලා සිටී.. [Pieter Stam de Longe/EPA/EFE]

ලොව පුරා සෙසු රටවල් සියල්ල කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් උඝ්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, චීනය අමෙරිකා එක්සත් ජනපදය අභිබවා යමින් පළමු වතාවට ‍යුරෝපා සංගමයේ විශාලතම වෙළෙඳ හවුල්කරු බවට පත්ව සිටී.

ලොව පොහොසත්ම රටවල් කිහිපයක වසරක් වසරක් පාසා දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්කම් මෙම රූපය මගින් පෙන්නුම් කෙරේ. චීන ආර්ථිකය වසරකට පෙර පැවතියාට වඩා විශාලව ඇති අතර සෙසු රටවල් දැවැන්ත පසුබෑමකට ලක්ව සිටී.

වසරේ තෙවැනි කාර්තුවේ දී, චීනය අමෙරිකා එක්සත් ජනපදය පසෙකලමින් යුරෝපා සංගමයේ ප්‍රමුඛතම වෙළෙඳ හවුල්කරු බවට පත්වන විට, වංසගතය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ අන්තර්ජාතික වෙළෙඳාම අඩාලවී චීනයේ වෙළෙඳ ක්‍රියාකාරීත්වයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය.

2020 වසරේ මුල් මාස 9 තුළ, යුරෝපා සංගමය සහ චීනය අතර වෙළෙඳාමේ වටිනාකම යුරෝ බිලියන 425.5 (ඩොලර් බිලියන ‍514.5) ක් වූ අතර, යුරෝපා සංගමය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳාමේ අගය වාර්තා වූයේ යූරෝ බිලියන 412.5 ක් ලෙසින් ය.

යුරෝපා සංගමයේ සංඛ්‍යාලේඛන කාර්යාලය වන  යූරෝස්ටැට් ආයතනය නිකුත් කළ මෙම සංඛ්‍යාලේඛනවලට අනුව චීන ආර්ථිකය ඊට පෙර වසරේ ආර්ථිකයට වඩා ප්‍රමාණයෙන් විශාලවී තිබේ.

2019 වසරේ එම වකවානුවේ, යුරෝපා සංගමය චීනය සමඟ සිදු කළ වෙළෙඳ ගණුදෙනු වල වටිනාකම යූරෝ බිලියන 413.4 ක් වූ අතර අමෙරිකා එක්සත් ජනපදය සමඟ යූරෝ බිලියන 461 ක වෙළෙඳ ගනුදෙනුවක නිරත විය.

ඉකුත් වසරේ තෙවැනි කාර්තුවේ සිට චීන ආර්ථිකය 4.6% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර වසංගතය පැමිණීමට පෙර පැවති මට්ටමට චීනය යළි පැමිණෙමින් සිටී. එම තත්වය බටහිර යුරෝපයේ බොහෝ රටවල ආර්ථික දත්ත හා සැසඳීමේ දී කොරෝනා වෛරසයෙන් මුළින්ම බැට කෑ රට ලෙස චීනය විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇති බව කියා පායි.

2020 වසරේ දී චීන ආර්ථිකය 1.9% කින් වර්ධනය වනු ඇති බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනාවැකි පළ කොට තිබේ.  ඒ අනුව, මේ වසරේ ලොව ප්‍රධානතම ආර්ථිකයන් අතුරින් වර්ධන වේගයක් වාර්තා කළ එකම රට බවට චීනය පත්වනු ඇත. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top