නැගෙනහිර චීනයේ ක්වින්ග්ඩාවෝ නගරයේ ලක්ෂ 90 ක පිරිසක් දින පහක් ඇතුළත කොවිඩ් – 19 පරීක්ෂාවට ලක් කිරීමට චීනය සූදානම් වෙයි

5f83fa5085f5407c2c1a16a6.jpg

නැගෙනහිර චීනයේ ක්වින්ග්ඩාවෝ නගරයේ සියළුම ජනයා කොවිඩ් – 19 වෛද්‍ය පරීක්ෂාවට ලක්කිරීමට චීනය
සූදානම් වෙයි. විදේශ රටවල සිට මවුරටට පැමිණි චීන ජාතිකයන්ගෙන් මෙම නගරයේ නව කොරෝනා
රැල්ලක් උද්ගතවීම ඊ‍ට හේතුවයි.

ඒ අනුව නගරයේ මිලියන 9 ක මුළු ජනගහණයම දින 5 ක් පුරාවට පරීක්ෂාවට ලක්කිරීමට නගර බලධාරීහු තීරණය කළහ.

වෙරළාසන්නයේ පිහිටි නගරයෙන් නව කොරෝනා රෝගීන් 6 දෙනෙකු සහ රෝගයේ ආසාදනයට ලක්ව සිටින, එහෙත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන තහත් 6 දෙනෙකු හමුවීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.

මොවුන්ගෙන් බහුතරයක් ක්වින්‍ඩාවෝ හදවත් රෝහලේ ප්‍රතිකාර ලබන විදේශ රටවල සිට පැමිණි රෝගීන් හා සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෝ වෙති.

ආසාදිත පුද්ගලයන් වාසය කළ නේවාසික ගොඩනැගිලි සහ රෝහල් සීල් තැබීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.

චීනයේ මෙතෙක් තහවුරුවූ කො‍විඩ් – 19 රෝගීන්ගේ සංඛ්‍යාව 85,500 ක් වන අතර, මරණ සංඛ්‍යාව 4,634 ක් ලෙස නොවෙනස්ව පවතී. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top