චීනය රුසියාව යා කෙරෙන අන්තර්-දේශසීමා මහා ගුවන් පාලම නොවැම්බර් මාසයේදී ගමනාගමන කටයුතු සඳහා විවෘත කෙරේ

information_items_7609.jpg

Processed with VSCO with a6 preset

රුසියාව සහ චීනය අතර අමූර් ගංගාවට ඉහළින් ඉදිකොට ඇති අධිවේගී ගුවන් පාලම නොවැම්බර් මාසයේදී ගමනාගමන කටයුතු සඳහා විවෘත කෙරෙන බව අමූර් කලාපීය ආණ්ඩුකාර වැසිලී ඔර්ලෝෆ් පවසයි. දෙරට අතර ආර්ථික සබඳතාවන්හි වර්ධනයට එමගින් විශාල පිටුබලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“යටිතලව්‍යුහ පහසුකම් සහ අනෙකුත් සියළු සේවාවන් සූදානම්. නොවැම්බර් මාසයේ පාලම විවෘත කිරීමට අප අපේක්ෂා කරනවා”, ඔර්ලෝෆ් මේ සතියේ තම ඉන්ස්ටග්‍රැම් පිටුවේ සඳහන් කොට තිබේ. කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් විවෘත කෙරෙන දිනය කල්තැබීමට සිදුවූ බව ඔහු කියයි.

ඩොලර් මිලියන 300 ක වටිනාකමින් යුත් ඉදිකිරීම් ව්‍යාපෘතිය 2016 වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කෙරුණු අතර 2019 වසරේ නොවැම්බර් මාසයේදී සම්පූර්ණ කෙරිණ. එය ඉකුත් අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබිණ.

උතුරුදිග චීනයේ හෙයිහී සහ රුසියාවේ ඈත පෙරදිග බ්ලැගොවෙෂ්චෙන්ස්ක් යන නගර යා කෙරෙමින් අමූර් ගංගාවට ඉහළින් මෙම පාලම ඉදිකොට තිබේ. කිලෝ මීටරයක් දිගින් යුත් පාලම මංතීරු දෙකකින් සමන්විත කිලෝමීටර 19.9 ක දිගින් යුත් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කොටසකි.

අධික සීතලෙන් යුත් ප්‍රදේශයේ ශුෂ්ක කාලගුණ තත්වය හේතුවෙන් දේශසීමාව හරහා කෙරෙන වෙළෙඳාමට වසර ගණනාවක් මුළුල්ලේ බාධා එල්ලවී තිබිණ. මෙම ව්‍යාපෘතිය මගින් එම ගැටළුවට පිළියම් යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මාර්ගය ක්‍රියාත්මක වීමෙන් පසු භාණ්ඩ ධාරිතාව වසරකට ටොන් මිලියන හතර දක්වා අට ගුණයකින් ඉහළ යනු ඇතැයි රුසියාවේ ඈත පෙරදිග සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කොස්ලෝව් පවසයි.

නව පාලම ඉදිවීමත් සමඟ සංචාරක කර්මාන්තයට නව පිබිදීමක් ඇති වන අතර චීනයේ සිට රුසියාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන දෙක දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top