දකුණු කොරියාව සහ චීනය උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුදය විසඳීමේ සාකච්ඡා සඳහා එකඟ වේ

800.jpeg

ඉහළ මට්ටමේ සාකච්ඡා වලින් අනතුරුව උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ ඇණහිට ඇති සාකච්ඡා යළි ආරම්භ කිරීමටත්, චීන ජනාධිපති ෂී ජින්පිංගේ සෝල් චාරිකාවට කටයුතු සූදානම් කිරීමටත් දකුණු කොරියාව සහ චීනය එකඟ වී තිබේ.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-බ්‍රහස්පතින්දා අගභාගයේදී චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන වැන්ග් යී හමුවූ අතර කොරියාවේ සාම ක්‍රියාවලිය තුළ “ඵලදායී කාර්යභාරය සහ සහයෝගීතාවය” වෙනුවෙන් බෙයිජිං පාලනයට සිය “කෘතඥතාව” පළ කළ බව යොන්හාප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

“අප රජය කොරියානු අර්ධද්වීපයේ යුද්ධය නිල වශයෙන් අවසන් කිරීම සහ චීනය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පූර්ණ න්‍යෂ්ටික නිරායුධකරණය හා ස්ථිරසාර සාමයක් ඇති කර ගැනීම සඳහා වන උත්සාහයන් නතර නොකරමු” යනුවෙන් මූන් තම හමුවේ දී වැන්ග්ට පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් වැන්ග් කියා සිටියේ කොරියානු අර්ධද්වීපයේ ගැටලුව විසඳීම සංවාදයක් හරහා සිදු කළ යුතු බවයි.

“යුද්ධය හා අවුල්සහගත තත්ත්වයන්” වැළැක්වීම සඳහා අර්ධද්වීපයේ න්‍යෂ්ටික නිරායුධකරණය සාක්ෂාත් කර ගැනීම “අදියර සහ සමමුහුර්ත” ආකාරයෙන් කළ හැකි බව ඔහු පැවසීය.

දෙදින ජපාන චාරිකාවකින් අනතුරුව බදාදා අගභාගයේදී වැන්ග් දකුණු කොරියානු අගනුවරට පැමිණියේය. අමෙරිකාවේ බලයට පැමිණෙන බයිඩන් පාලනය යටතේ එක්සත් ජනපද ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවිය හැකි බවට ආසියානු රජයන් විශ්වාසයකින් පසුවෙයි.

දකුණු කොරියාව සහ ජපානය යන දෙකම එක්සත් ජනපද මිත්‍ර රටවල් වන අතර ඇමරිකානු හමුදා කඳවුරු වලට සත්කාරකත්වය දරයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top