දුර සිටියත්, ළඟ මෙන් ඇමතිය හැකි චීනයේ “දෙව්ලොව දෙවොල”

sacrificial-ceremony.jpg

පුරාණ චීනයේ බොහෝ රජවරුන් දේවත්වයෙන් පුදනු ලැබිණ.මහජනතාව විසින් ඔවුන් සලකනු ලැබුවේ දේව නියෝජිතයින් හා දේව පුත්‍රයින් ලෙසය. ඒ නිසා දෙවියන් හා සකලවිධ ගනුදෙනු කිරීමේ අයිතිය ද රජුන් සතු විය.

 

 

දෙව්ලොව වක්‍රාකාර හා මනුලොව චතුරශ්‍රාකාර බව එකල පැවති විශ්වාසයයි.දෙව්ලොව නීල වර්ණ හා මනුලොව පීත වර්ණ බවට ද විශ්වාසයක් පැවතිණ.මෙම විශ්වාසයන් පිළිබඳ පැහැදිලි සාක්ෂි දක්නට ලැබෙන්නේ චීනයේ බෙයිජිං අගනුවර දෙව්ලොව දෙවොල” (Temple of Heaven) තුළයි. “ මිං රජ පෙළපතට” (Ming Dynasty ක්‍රි..1368–ක්‍රි..1644) අයත් “යොන්ගල් අධිරාජයා” (Emperor Yongle) විසින් ක්‍රි.ව. 1420 දී මෙය ඉදි කර තිබේ.

 

දෙව්ලොව දෙවොල පිහිටා ඇත්තේ බෙයිජිං නගර මධ්‍යයේ හෙක්ටෙයාර 273ක විශාල උද්‍යානයක් තුළයි. අද පවා එහි පරිසරය මනා ලෙස සංරක්ෂණය කර තිබේ.දේවාල පරිශ්‍රයේ දැවැන්ත දේවදාර ගස් හා ෆයිනස් ගස් රැසකි.එම ගස් මතින් පියාඹා යන විහඟුන් හා උන්ගේ හඬ සිහිගන්වන්නේ ශ්‍රී ලංකාවේ අභයභූමියක ලක්ෂණයන් ය.

 

පැරණි යුගයේ පූජා සඳහා යොදා ගත් ප්‍රධාන ගොඩනැගිලි තුනකින් දෙව්ලොව දෙවොල සමන්විතය.සරු අස්වනු යැදීමේ මාලිගයපූජා පීඨ මණ්ඩලය හා රාජකීය දිව්‍ය ගර්භ පරිශ්‍රය එම ත්‍රිත්වයයි.උතුරේ සිට දකුණට ඇඳි සරල රේඛාවක් මත ඒවා පිහිටා තිබීම ද විශේෂත්වයකි.

 

දෙව්ලොව දෙවොල දිගු තාප්පයකින් වටවී ඇතතාප්පය තුළඅර්ධ වෘත්තාකාර උතුරු කොටස අහස සංකේතවත් 

කෙරෙන අතර දකුණු කොටස පෘථිවිය සංකේතවත් කෙරේ. 

 

පැරණි චීන චන්ද්‍ර දින දර්ශනයට අනුවවසරේ පළමු මාසය තුළ අධිරාජයා මෙහි පැමිණ සරු අස්වැන්නක් සඳහා පූජා පවත්වා තිබේ. මිං රජ පෙළපත් සමයේ මෙන්ම “ඡිං රජ පෙළපත් සමයේ” (Qing Dynasty ක්‍රි..1644–ක්‍රි..1911) ද අධිරාජයන්  වාර්ෂිකව මෙම දෙවොලට පැමිණ පූජාවන්හි යෙදුණ බව සඳහන්ය.

 

වෘත්තාකාර සරු අස්වනු මාලිගයේ උස මීටර් 38.2 වන අතර එහි විශ්කම්භය මීටර් 24.2කි.ඉපැරණි විශිෂ්ඨ චීන ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදි කර ඇති එහි වහළයට එකම ඇණයක් හෝ භාවිත කර නොමැත.

 

එකකට එකක් ඉහළින් පිහිටන පරිදි වෘත්තාකාර කොටස් තුනක් ලෙස වහළය නිර්මාණය කර ඇත.ඉහළින්ම ඇති වහළයෙන් සංකේතවත් කෙරෙන්නේ දෙව්ලොවයි.දෙවන වහළයෙන් රජතුමා හෙවත් දිව්‍ය පුත්‍රයා සංකේතවත් කෙරේ.තුන්වන වහළයෙන් සංකේතවත් වන්නේ මනුලොවයි.මුදුණේ ඇති කොත් කැරැල්ල හිරු රැසින් බැබළෙන්නේ අලංකාරවත් ලෙසය.

 

සරු අස්වනු මාලිගයේ ගර්භය මධ්‍යයේ කුළුණු හතරක් ඇත.එමගින් ඍතු සතර සංකේතවත් වෙයි.පිටත රවුමේ තවත් කුළුණු දොළහකින් වසරේ මාස දොළහ සංකේතවත් කර තිබේ.

 

රාජකීය දිව්‍ය ගර්භ පරිශ්‍රය යනු දෙවියන්ට සහඅධිරාජ්‍යයන්ගේ මුතුන් මිත්තන්ට නමස්කාර කිරීමට යොදා ගත් ස්ථානයයි.මීටර් 17ක උසකින් යුක්තව සහ මීටර් 19 විශ්කම්භයක් සහිතව එය ඉදි කර තිබේ.

 

මෙහි වැදගත්ම අංගය වන්නේ පරිශ්‍රය වටා ඉදි කර ඇති වෘත්තාකාර දෝංකාර තාප්පයයි (Echo Wall). තාප්පයට ආසන්නව දුරින් සිටින දෙදෙනෙකුට වුවද දෝංකාර ලක්ෂණය භාවිත කරමින්ළඟ සිටින්නාක් මෙන් කථාබහ කළ හැකිය.ශබ්ද තරංග පරාවර්තනය වී හඬ නිකුත් වන ආකාරයට තාප්පය ගොඩනගා ඇත. මීටර් 3.72 ක් උසවක්‍ර තාප්පයේ විෂ්කම්භය මීටර් 61.5 වන අතර එහි සම්පූර්ණ වට ප්‍රමාණයමීටර් 193.2 කි.ඉපැරණි චීන ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් හාස්කමක් ලෙස දෝංකාර තාප්පය සැලකිය හැකිය.

 

මෝතිලාල් හිස්සැල්ල චීනයේ බෙයිජිං අගනුවර සිට ලියයි.

Mothilal Hissella

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්‍රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ‍ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.

Share this post

    Mothilal Hissella

    Mothilal Hissella

    ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්‍රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ‍ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top