චැන්ග්’ඊ-5 යානය පැය 112 ක ගමනක් නිමවා සඳුගේ පෘෂ්ඨය මතට ගොඩ බැසින ලද බව බෙයිජිං අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පවසයි.

තම හමුදාව යටතේ ක්‍රියාත්මක කෙරෙන අභ්‍යාවකාශ වැඩසටහනට චීනය ඩොලර් බිලියන ගණනක මුදලක් වැය කරන අතර වසර 2022 වන විට නියමුවන් රැගෙන යා හැකි අභ්‍යාවකාශ යානයක් නිපදවා සඳු තරණය කිරීම චීනයේ අරමුණ වී තිබේ.
නවතම සංචාරයේ අරමුණ වනුයේ සඳුගේ පාෂාණ සහ පස් එක්රැස් කරගනිමින් චන්ද්‍රයාගේ ආරම්භය, නිර්මාණය සහ එහි පෘෂ්ඨය මත ගිනිකඳු ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන්ට සහාය වීමයි.
සඳුට අධිගෘහිත චීන දෙවිවරයාගේ නමින් නම් කරන ලද චැන්ග්’ඊ-5 යානය අඟහරුවාදා සවස්භාගයේ දී සඳුගේ පෘෂ්ඨය මතට ගොඩ බසින ලද බව එරට ජාතික අධ්යාවකාශ පරිපාලනය උපුටා දක්වමින් ක්ෂිංහුවා ප්රවෘත්ති සේවාව පවසයි.
ආපසු පැමිණෙන ගමන සාර්ථක වුවහොත්, චීනය 1960 සහ 1970 දශකවල අමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමයට පසු චන්ද්‍රයාගෙන් පස් සාම්පල ලබාගැනීමට සමත්වූ තෙවැනි රට බවට පත්වනු ඇත.
ඉකුත් සතියේ හයිනාන් ප්‍රාන්තයෙන් රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යාවකාශ ගතවූ යානය පැය 112 ක ගමනකින් පසු සෙනසුරාදා දිනයේ චන්ද්‍රයාගේ කක්ෂයට ළඟා වූ බව ක්ෂිංහුවා වාර්තාවේ දැක්වේ.
චැන්ග්’ඊ-5 යානය මේ මාසයේ දී චීනයේ ඉනර් මොංගෝලියා ප්‍රදේශයෙන් ආපසු පෘතුවියට ගොඩබැසීමට නියමිත ය.