චීනයේ දේශීය සංචාරක වෙළඳපොළට සාමාන්‍යයෙන් වසරකට සංචාරකයන් බිලියන 10 ක් පැමිණෙනු ඇතැයි එරට බලධාරීහු පවසති. ඉදිරි වසර පහ තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන වාර්ෂික ආදායම යුවාන් ට්‍රිලියන 10 ක් (ඇමරිකානු ඩොලර්
ට්‍රිලියන 1.5) කරා ළඟා වනු ඇතැයි චීන සංචාරක ඇකඩමියේ වාර්තාවක් පවසයි.

2019 දී චීනය දේශීය සංචාරකයන්ගේ සංචාර බිලියන හයකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බව බීජිං හි සංචාරක කර්මාන්තයට අදාළ සති අන්තයේ පැවති සංසදයක දී අනාවරණය විය.
2019 දී චීනය රට අභ්‍යන්තරයේ සංචාර මිලියන 145 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කළ බවත්, එහි වාර්ෂික සංචාරක ආදායම යුවාන් ට්‍රිලියන 6.63 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තාව පවසයි.
ඉදිරි පස් වසර තුළ, ජාතික ආර්ථිකයට හා රැකියා සඳහා චීනයේ දේශීය සංචාරක වෙළඳපොළේ දායකත්වය 10% ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.