චීනය යුද්ධයට බිය නොවන බවත්, තම සෛවරීත්වය, ආරක්ෂාව සහ සංවර්ධන වුවමනා එපාකම් යටපත් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් චීන ජනාධිපති ක්ෂී ජින්පින් අවධාරණය කරයි.
චීනය කොරියානු යුද්ධයට පිවිස වසර 70 ක් සපිරීම නිමිත්තෙන් චීනයේ බෙයිජිං අගනුවර පැවති උත්සවයකදී අදහස් දක්වමින් චීන නායකයා මෙම දැඩි ප්‍රකාශය සිදු කළේය.

ඒකපාර්ශවිකව, ආධානග්‍රාහීව සහ තර්ජනාත්මකව සිදුකරන කිසිදු ක්‍රියාවක් සාර්ථක නොවන බවත්, එවැනි ක්‍රියාමාර්ග මළ අන්තයක් කරා ගමන් කරන බවත් ක්ෂී පෙන්වා දෙයි. අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර අර්බුද වඩාත් උත්සන්න වෙමින් පවතින අවදියක චීන නායකයාගේ මෙම ප්‍රකාශය වොෂිංටනයට ලබාදුන් පිළිතුරක් බව විශ්ලේෂකයෝ පවසති.
“චීනයේ ජනතාව දැන් සංවිධානාත්මකව සිටින අතර ඔවුන් සුළුකොට තැකීමෙන් වළකින්නැයි යන්න ලෝකයට දැන ගැනීමට සළස්වන්න”, මහජන චීන ජනරජයේ සමාරම්භක නායක මාඔි සේතුං උපුටා දක්වමින් ක්ෂී කියා සිටියේය.

ලොව විශාලතම ආර්ථික දෙක වන අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය වෙළෙඳාම, තාක්ෂණය සහ ආරක්ෂාවේ සිට මානව හිමිකම් සහ කොරෝනා වෛරස් ආසාදනය දක්වා විවිධ කාරණා සම්බන්ධයෙන් දරුණු මතභේදයක පැටලී සිටී. ලබන නොවැම්බර් මස 3 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දෙවන ධුර කාලයක් සඳහා බලය ලබාගැනීමෙහිලා චීනය පිළිබඳ දැඩි ස්ථාවරය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන තුරුම්පුවක් බවට පත්ව තිබේ.
“වසර 70 කට පෙර අධිරාජ්‍යවාදී ආක්‍රමණියකයන් නව චීනයක එළිපත්ත මතට පැමිණ වෙඩි තැබීය”, සවුත් චයිනා මෝර්නිංග් පෝස්ට් පුවත්පත ක්ෂී උපුටා දක්වමින් පවසයි.
“ආක්රමණිකයින්ට තේරුම් ගත හැකි භාෂාව භාවිතා කළ යුතු බවයි – යුද්ධයට යුද්ධයෙන් පිළිතුරු දීමට සහ බලහත්කාරයෙන් ආක්‍රමණ නැවැත්වීමට, ජයග්රහණයෙන් සාමය හා ආරක්ෂාව උපයා ගැනීමට චීන ජනතාව උගෙන ගෙන ඇත. චීන ජනතාව අන් අයට කරදර ඇති නොකරන නමුත්අපි බිය නොවන්නෙමු. අප මුහුණ දෙන දුෂ්කරතා හෝ අභියෝග කුමක් වුවත්, අපගේ කකුල් සෙලවෙන්නේ නැත, අපගේ කොන්ද පිටුපසට නැමෙන්නේ නැත ”, ක්ෂී දැඩිව අවධාරණය කළේය.
“ශක්තිමත් හමුදාවකින් තොරව ශක්තිමත් මව්බිමකට පැවතිය නොහැකිය”, ක්ෂී පෙන්වා දෙයි.
