STR / AFP
2021 වසරේ දී පුහුණුවීම් වැඩිකරන ලෙසත්, යුද අභ්‍යාසවලදී අධිතාක්ෂණය වැඩි වශයෙන් භාවිත කරන ලෙසත් චීන නායක ක්ෂී ජින්පින් එරට හමුදාවන්ට නියෝග කොට තිබේ. ඉන්දියාව සහ තායිවානය සමඟ නොසන්සුන්කාරී ගැටුම්වලින් අනතුරුව මෙම නියෝගය නිකුත් කොට ඇත.

Wikipedia
චීන මධ්‍යම යුද කොමිසමේ නායකයා ද වන ක්ෂී “පූර්ණ සංග්රාම සූදානමක” පසුවන ලෙසත්, “ඕනෑම මොහොතක සටනට සූදානමින් සිටින ලෙසත්” එරට මහජන විමුක්ති හමුදාවට ඊයේ නියෝග කළේය.
පසුගිය මාසයේ දී, චීනය අමෙරිකානු යුද නෞකාවක් තායිවාන සමූද්‍ර සංධිය ඔස්සේ යාත්‍රා කිරීමට පිළිතුරු වශයෙන් තම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් එම සාගර කලාපය බලා පිටත් කළේය. එමෙන්ම දකුණු චීන මුහුදේ ද චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය එකිනෙකාට එරෙහි ප්රකෝපකාරී උපාමාරුවල නිරතව සිටී. වෙළෙඳ සංග්රාම සහ හොං කොං ප්‍රදේශයේ උද්ඝෝෂණවලට වොෂිංටනය දක්වන සහායත් හේතුවෙන් දෙරට අතර සම්බන්ධතාවන් තවදුරටත් පළුදුවී තිබේ.
Xinhua
