චීනයේ ලාබාලතම බිලියනපතිනිය සිඩ්නි නුවර තම නිවස පාඩුපිට විකුණයි

Capture9.png

චීනයේ ලාබාලතම බිලියනපති කාන්තාව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කාමර හතරකින් යුත් තම නිවෙස පාඩුපිට අළෙවි කළ බැව් වාර්තාවේ.

සේෂියාන් “නැන්සි” සෑන්ග් නමැති මෙම ව්‍යාපාරික කාන්තාවට අයත්ව පැවති මෙම නිවස සිඩ්නි වරායට මුහුණලා පිහිටා තිබේ. 

25 හැවිරිදි මෙම බිලියනපතිනිය 2015 වසරේදී මෙම නිවස මිලයට ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 16.2 ක (අමෙරිකානු ඩොලර් මිලියන 11.57 ක) මුදලකට ය. දේපොල වාර්තාවලට අනුව ඇය මෙම නිවස ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 15 කට අලෙවි කිරීම සඳහා දැන්වීම් පළකොට තිබිණ.

කෙසේවෙ‍තත්, සිඩ්නි නගරයේ දේපොල මිල පහත බැසීම හේතුවෙන් එම නිවසේ නිල වෙන්දේසි මිල ඔස්ට්‍රේලියානු ඩොලර් 13.5 ක් වශයෙන් නියම කොට තිබිණ. ඒ අනුව, සෑන්ග්ට තම නිවස ඩොලර් මිලියන 2.7 ක පාඩුවක් පිට විකිණීමට සිදුව තිබිණ. කෙසේවෙතත්, මේ දිනවල ඔස්ට්‍රේලියාවේ දේපොල මිල ගණන් සැළකිල්ලට ගැනීමේදී එය පුදුමයට කරුණක් නොවන බව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය පවසයි.

වර්ග අඩි 6,500 ක ප්‍රමාණයකින් යුත් මෙම නිවස නගරයට ඉහළින්, වාස්තු විද්‍යාත්මකව ස්පයිරල් හැඩයේ තරප්පු පෙළකින්, වෙනම මාධ්‍ය කුටියකින් සහ ඊටම වෙන්වූ විදුලි සෝපානයකින් සමන්විත බව මැන්ෂන් ග්ලෝබල් වෙබ් අඩවියේ දැක්වේ.

සමාජ මාධ්‍ය තරුවක් වන සැන්ග් පාසැල් ඇඳුමින් සැරසුණු ඡායාරූපයක් නිසා “කිරි තේ සොහොයුරිය” යන අන්වර්ථ නාමයෙන් චීන වැසියන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටී. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top