දේශගුණික විපර්යාසය මගින් සෘතුමය වෙනස්කම්: වසර 2020 වන විට ලොවින් අඩකට මාස 6 ක ග්‍රීස්ම සෘතුවක්

four-seasons-istock-994x632-1.jpg

සියවස අවසානය වන විට උතුරු අර්ධගෝලයේ ජීවත්වන බොහෝ දෙනෙකුට අව් රශ්මිය ජීවිතයත් මරණයත් අතර සටනක් බවට පත්විය හැකි බවට නවතම අධ්‍යයනයක් අනතුරු අඟවයි. එම අධ්‍යයනයේ නිරත පර්යේෂකයන්ට අනුව, වසර 2100 වන විට මිහිතලයෙන් අඩකට පමන සෑම වසරකම මාස හයකට වැඩි කාලයක් පවත්නා ග්‍රීස්ම සෘතුවකට මුහුණ දීමට සිදුවනු ඇත. 

දිගු ග්‍රීස්ම සෘතුවක් ඇතැමුන්ට ආස්වාදය දනවන පුවතක් වුවද, මෙම අධ්‍යයනය මගින් අනාවැකි පළ කොට ඇති වෙනස්කම් බෙහෙවින් කණස්සල්ලට හේතුවනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම, දිගු කාලීන ග්‍රීස්ම සෘතුවක් මගින් ස්වාභාවික පද්ධතියට ඇති කරන බලපෑම පෙරළා මානව සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය සහ පරිසරයට අහිතකර බලපෑම් එල්ල කළ හැකි බැව් එම පර්යේෂණ කණ්ඩායම පවසති.

“ග්‍රීස්ම සෘතු වඩ වඩාත් දිගු මෙන්ම උණුසුම් වන අතරම, සීත සෘතු වඩ වඩාත් කෙටි සහ උණුසුම්වීම ගෝලීය උෂ්ණත්වය ඉහළයාමේ ප්‍රතිඵලයක්”, එම අධ්‍යයනයේ ප්‍රධානියා වන චීන විද්‍යා ඇකඩමියේ භෞතික සාගර විද්‍යාඥ යූපිං ගුවාන් කියා සිටී.

ලොව උතුරු අර්ධගෝලීය රටවල ජනයා පුරුදුව සිටිනුයේ සෘතු හතරකින් සමන්විත ලෝකයකට වන අතර, එක් එක් සෘතුව වසරේ සමාන කාලසීමාවක නිශ්චිත පිළිවෙලකට පැමිණීමක් දැකිය හැකිය. නමුත් උතුරු අර්ධගෝලයට වසර අවසානය වන විට එම තත්වය තම ඉතිහාසයට අදාළ කාරණයක් වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. ඊට ප්‍රධානතම හේතුව වනුයේ දේශගුණික විපර්යාසයයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top