සෙම්ප්‍රතිශ්‍යාව හා සම්බන්ධ කොරෝනා වෛරස තදබල නොවන කොවිඩ් – 19 ආසාදනවලට සම්බන්ධයි

commoncoldorflu-948x640-1.jpg

හෙම්බිරිසාව (the common cold) එක් සුවිශේෂී වූ වෛරසයක් මගින් පමනක් සෑදෙන රෝගී තත්වයක් නොවෙයි. හෙම්බිරිසාවට සමාන රෝග ලක්ෂණවලට හේතුවන වෛරස 200 කට අධික සංඛ්‍යාවක් පවතින අතර එයින් හතරක් – SARS-CoV-2 රෝගය සෑදීමට මුල්වන පවුලේම කොටසක් වන – කෙරෝනා වෛරසය මගින් බෝවන බැව් තහවුරුවී තිබේ. නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙනු ලබන්නේ, මෙම ආවේණික කොරෝනා වෛරස් SARS-CoV-2 ආසාදනයෙන් ආරක්ෂා වීමට හේතුවෙක් නොවන නමුත්, ඒවා මෘදු ආසාදන සමඟ සම්බන්ධයක් දක්වන බවයි.

මෙම නම් සාමාන්‍යයෙන් අපට මතකයේ තබා ගැනීම අපහසු වන්නට පිළිවන (OC43, HKU1, 229E, and NL63). නමුත් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඒ පිළිබඳ හොඳ මතකයක් පවතී. මෙම වෛරසවලට එරෙහිව තමන් ගෙන ගිය සටන අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට කාලයක් යනතෙක් මතකයේ පවතින අතර, එය එම මතකය ඊට සමාන අනෙකුත් වෛරසවලට එරෙහි සටන සඳහා භාවිත කරයි. බොස්ටන් වෛද්‍ය සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද අධ්‍යයනයක් අවසානයේ දී ඔවුන් එළැඹුණු නිගමනය එයයි. බොස්ටන් වෛද්‍ය සරසවියට පැමිණි දහස් ගණනක රෝගීන්ගේ වෛද්‍ය වාර්තා පීරමින් ඔවුහු එම අධ්‍යයනය සිදුකළහ. එම එක් එක් රෝගියා, ආවේණික කොරෝනා වෛරස් හතර ද ඇතුළු, බැක්ටීරියා සහ වෛරස් සඳහා වූ පීසීආර් පරීක්ෂාවන්ට ලක්කරනු ලැබූහ. ඔවුහු අවම වශයෙන් එක් වතාවක් හෝ පීසීආර් පරීක්ෂණයකට භාජනය කෙරුණු රෝගීන් 15,928 කගේ ලැයිස්තුවක් ඒ අනුව ලබා ගත්හ.

මෙම රෝගීන්ගෙන් 875 දෙනෙකු යටකී ආවේණික කොරෝනා වෛරස හතරෙන් එකකින් හෝ ආසාදනයට ලක්ව ඇති බවට තහවුරු විය. තවද, එයින් 1,812 දෙනෙක් 2020 වසරේ මාර්තු සහ ජූනි මාසවලදී SARS-CoV-2 පරීක්ෂාවකට යළිත් රෝහලට පැමිණිය හ. එහිදී මෙම රෝගී තත්වයන්හි කිසියම් සමානත්වයක් හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී තිබේ.

“කොවිඩ් – 19 රෝගය පූර්වයෙන් ආවේණික කොරෝනා වෛරස් ආසාදනයන්ට ලක්වූ රෝගීන්ට වඩාත් මෘදු බලපෑමක් සිදුකොට ඇති බව පෙනී යයි”, බොස්ටන් වෛද්‍ය මධ්‍යස්ථානයේ වසංගත රෝග විද්‍යාඥයකු වන මනිෂ් සාගර් පවසයි.

ආවේණික කොරෝනා වෛරස හතරෙන් එකක ආසාදනයට ලක්වූ රෝගීන් අතර කොවිඩ් – 19 ආසාදනයෙන් බේරී සිටීමේ ඉහළ අනුපාතයක් (95.2% ට 82.3% ක් වශයෙන්) පවතී.

මෙම අධ්‍යයනය Journal of Clinical Investigation.හි පළවී තිබේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top