ගෝලීය කොරෝනා වයිරස් මරණ මරණ සංඛ්‍යාව මිලියන 1 පසු කරයි

million-deaths_custom-659141c732198f93d6c351f85f638621c160fbb4-s800-c85.jpg

MANAUS, BRAZIL - MAY 19: Relatives of a deceased person wearing protective masks mourn during a mass burial of coronavirus (COVID-19) pandemic victims at the Parque Taruma cemetery on May 19, 2020 in Manaus, Brazil. Brazil has over 260,000 confirmed cases and more than 17,000 deaths caused by coronavirus (COVID-19) pandemic. (Photo by Andre Coelho/Getty Images)

ජෝන්ස් හොප්කින්ස් සරසවිය විසින් පවත්වාගෙන යනු සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ් –19 රෝගයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත. ගෝලීය මරණ අනුපාතය මන්දගාමී වන බවට කිසිදු සලකුණක් නොමැති අතර, මාස කිහිපයකට පෙර තත්වය පාලනය කිරීමට සමත්වූවේ යැයි සිතූ රටවල ආසාදන යළිත් ඉහළයාමක් පෙන්නුම් කරයි.

එක්සත් රාජධානියේ වේලාවෙන් අඟහරුවාදා අලුයම මෙම සන්ධිස්ථානය කරා ලෝකය ළඟා වූයේ චීනයේ බලධාරීන් විසින් මධ්‍යම චීන නගරයක් වන වුහාන් හි නොදන්නා හේතුවක් සහිත නියුමෝනියා රෝගීන් පොකුරක් සොයා ගන්නා බව නිවේදනය කර මාස නවයකට පසුව ය. පළමු වරට වාර්තා වූ මරණය – නගරයේ රෝහලක 61 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණය – දින 12 කට පසුව සිදුවිය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජනපදය හා යුරෝපීය රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වූ මධ්‍යස්ථාන සහ චීනයේ ජාතික සෞඛ්‍ය අධිකාරිය ඇතුළු වෙනත් මූලාශ්‍රවලින් ලබාගත් දත්ත සමුදායේ නවතම යාවත්කාලීන කිරීම් වලට අනුව මේ වන විට කොවිඩ් –19 මරණ 1,000,555 කි.

 

එහෙත් නිල මරණ සංඛ්‍යාවෙන් සත්‍ය තත්වය පිළිබිඹු නොවිය හැකි බවලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳුදා පැවසීය.

 

" මරණ සංඛ්‍යාවට අදාළ වර්තමාන සංඛ්‍යාලේඛන කොවිඩ් හි සැබෑ තත්වය අවතක්සේරු කිරීමක් බව මට සහතික කළ හැකිය." ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යේෂ්ඨතම හදිසි ආපදා  විශේෂඥ මයික් රයන් ජිනීවාහි පැවති සාකච්ඡාවකදී පැවසීය.

 

ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ එක්සත් ජනපදයෙන් වන අතර ඉන් අනතුරුව බ්‍රසීලයේ 142,000 කට වැඩි ප්‍රමාණයක් සහ ඉන්දියාවේ 95,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මේ වන විට දිනකට වැඩිම නව රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන රට බවට ඉන්දියාව පත්ව සිටී.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top