යුරෝපය පුරා පැතිර යන නව වෛරස් ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

skynews-schiphol-amsterdam_5213254.jpg

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් බිහිවීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ නිලධාරීන් සමඟ තමන් “සමීප සම්බන්ධතා” පවත්වන බවයි.

නව ප්‍රභේදය මුල් අනුවාදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන නමුත් එය වඩා මාරාන්තික යැයි විශ්වාස නොකෙරේ.

එක්සත් රාජධානිය තුළ මෙන්ම නෙදර්ලන්තයඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ද කෝවිඩ් –19 වෛරසයේ විකෘතියක් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

නව ප්‍රභේදය එන්නත් වලට වෙනස් ලෙස ප්‍රතික්‍රියා කරන බවට කිසිදු සාක්ෂියක් නොමැත.

එක්සත් රාජධානියේවේගයෙන් ව්‍යාප්ත වන වෛරසය මැඩපැවැත්වීම සඳහා ලන්ඩනය ඇතුළු ගිනිකොනදිග එංගලන්තයේ විශාල කොටස් දැන් නව දැඩි සීමාවන් යටතේ පවතී.

නව ප්‍රභේදය නිසා නෙදර්ලන්තය ජනවාරි 1 වනදා දක්වා එක්සත් රාජධානියේ සිට මගී ගුවන් ගමන් තහනම් කර ඇත. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top