ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන් වසර 25 ක් තිස්සේ ලෝකය අත්කරගත් ජයග්‍රහණ කොරෝනා වෛරස් ආසාදනය මගින් මුළුමනින්ම අකා මකා දමනු ඇතැයි එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහන නිකුත් කළ නවතම ගෝලීය දත්ත මගින් පෙන්වා දෙයි.

වසංගතයේ බලපෑම හේතුවෙන් කාන්තාවන්ට සැළකිය යුතු පරිදි නිවසේ දෛනික වැඩ රාජකාරීවලට සහ පවුලේ එදිනෙදා වගකීම් ඉටු කිරීමට සිදුව තිබේ.
“වසර 25 ක කාලයක් අප අත් කරගත් සියළු ජයග්‍රහණ එක් වසරක් තුළ මුළුමනින්ම අහිමිව යා හැකියි”, එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහනේ විධායක අධ්යක්ෂ අනීටා භාෂියා පවසයි.

රැකියා සහ අධ්‍යාපනික් අවස්ථාවන් අහිමිව යා හැකි අතර, කාන්තාවන් මානසික හා කායික සෞඛ්‍ය අතින් පීඩාවන්ට පත්වීමේ අවදාමකට මූහුණපා සිටී.
වසංගතයට පෙර පවා, ලොව පුරා කිසිදු වේතනයකින් තොරව ඉටු කරනු ලබන දෛනික වැඩ පැය බිලියන 16 න් හතරෙන් තුනකට දායකත්වය දක්වන බවට තක්සේරු කොට තිබිණ. වෙනත් වචනවලින් කිවහොත්, කොරෝනා වෛරසය පැමිණීමට පෙර, පිරිමින් විසින් වේතනයකින් තොරව පැයක් වැඩකරන විට කාන්තාවන්ට පැය තුනක් වැඩ කිරීමට සිදුව තිබිණ. දැන් එම සංඛ්‍යාලේඛන වඩාත් ඉහළ ගොස් තිබේ. “පිරිමින්ට වඩා කාන්තාවන් මුදල් නොලබා හෙලන ශ්‍රමය අතර පරතරය දෙගුණයකින් වැඩි වන්නට පිළිවන”, භාෂියා පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහන පහළ සහ මධ්‍ය අදායම් ලබන රටවල් 38 ක් ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණයකට අනුව මේ බැව් තහවුරුවී තිබේ.
“වඩාත් භයානක කාරණය නම් කාන්තාවන් යළි සේවයට යාමෙන් වැළකී සිටීමයි”, භාෂියා කියයි.


මෙම තත්වය ලොව කාර්මික රටවල ද ඒ අයුරින්ම දැකිය හැක. “ සැප්තැම්බර් මාසයේ පමනක් අමෙරිකා එක්සත් ජනපදය තුළ පිරිමින් 200,000 ක් රැකියාවලින් දොට්ට දමන විට කාන්තාවන් 865,000 ක් ශ්‍රම බලකායෙන් ඉවත් කොට තිබේ”, එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය පවසයි.
කාන්තාවන් ශ්‍රම බලකායෙන් ඈත් කොට තැබීම ඔවුන්ගේ සමස්ථ සුබසාධනයට පමනක් නොව ආර්ථික අභිවෘද්ධියට සහ ස්වාධීනත්වයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි එම වැඩසටහන පෙන්වා දෙයි.
