කොවිඩ් – 19 නගර නිහඬ කරන විට විහඟුන් හඬ අවදි කරයි

Sparrowbridge_1280p.jpg

සුදු ඔටුනු සහිත ගේ කුරුල්ලන් උතුරු අමෙරිකාවේ ඝෝෂාකාරී සහ කලබලකාරී පරිසරයට ඔරොත්තු දෙන පක්ෂි විශේෂයක්. නමුත් නාගරික පරිසරයේ ශබ්ද දූෂණය හේතුවෙන් තම එදිරිවාදීන්ට මෙන්ම ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට තම හඬ ඇසීමට සැළැස්වීමට වඩාත් උස්හඬින් මෙන්ම වැඩි ඵලදායිතාවයකින් අඩු ගීත ගායනා කිරීමට ඔවුනට බල කෙරිණ. නමුත් මේ වසන්තයේ අගුලුලෑමේ ප්‍රතිඵලයක් ලෙස පසුබිම නිහඬ වීය. නව අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ සති කිහිපයක් ගත වන්නට මත්තෙන් මෙම ගේ කුරුල්ලන් දශක ගණනාවකට පෙර ගයන ලද ගීතවල ධ්වනි ගුණය යථා තත්වයට පත්වූ බවයි.

නොක්ස්විල්ලේහි ටෙනසී සරසවියේ චර්යාත්මක  පරිසරවේදිනියක බන එලිසබෙත් ඩෙරිබෙරි සහ ඇයගේ සහායකයෝ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය තුළ සහ අවට දශක දෙකකට වැඩි කාලයක් සුදු ඔටුනු සහිත ගේ කුරුල්ලන් අධ්‍යයනය කොට එම පක්ෂීන්ගේ ගීත 1970 දශකයේදී පටිගත කරන ලද හඬ සමඟ සසඳා බැලූහ. රථවාහන තදබලය වැඩිවෙත්ම, මෙම ගේ කුරුල්ලන්ගේ ගීතවල අඩු ස්වරපරාසය වැඩිවන්නට වූයේ වාහනවල ගෝෂාකාරී ශබ්දයට තම හඬ යටපත් කිරීමට ඉඩ නොතබන අයුරින් ය. නමුත් එම පක්ෂීන්ගේ උච්ඡතම සංඛ්‍යාතය එලෙසින්ම පැවති අතර ඔවුන්ගේ සන්නිවේදනයේ සමස්ථ පරාසය හීනව ගියේය.

බොහෝ පක්ෂි විශේෂවලට මේ ආකාරයෙන් පිරිහුණු ගීත නිසා ප්‍රතිවාදීන් වළක්වා ගැනීමට සහ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීමට හඬ ඵලදායී ලෙස යොදාගත නොහැකි විය. කුරුල්ලන් ඝෝෂාකාරී පරිසරයක උස් හඬින් ගායනා කරන අතරපර්යේෂණයන් පෙන්වා දී ඇති පරිදි එමගින් ඇතිවන ආතතිය ඔවුන් වයසට යාම වේගවත් කළ හැකි අතර පරිවෘත්තීය ක්‍රියාවලියට ද බාධා ඇති කරයි. ශබ්දය නිසා ඔවුන්ගේ පැටවුන්ට හෝ සෙසු පක්ෂීන්ගේ අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දීමටද නොහැකිවන අවස්ථා එමටය. එය බොහෝ නගරවල කුරුලු විවිධත්වය අඩු කිරීමට පවා හේතුවී තිබේ.

වසංගත අගුලු දැමීම මාර්තු මැද භාගයේදී ආරම්භ වූ විට ඩෙරීබෙරි සැන් ෆ්‍රැන්සිස්කෝහි ගෝල්ඩන් ගේට් පාලමේ කැපී පෙනෙන සිද්ධියක් දුටු බව සිහිපත් කරයි. “අනේ දෙවියනේපුදුම නිස්කලංක බවක්’.  ඒ වගේම ගේ කුරුල්ලන් නිහඬත්වයට දක්වන ප්‍රතිචාරය ඇය පුදුමයට පත් කළාය.

ඩෙරීබෙරිට කැලිෆෝනියාවට යාමට නොහැකි වූ නමුත් ඇගේ සගයා වන කැලිෆෝනියා පොලිටෙක්නික් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ චර්යාත්මක පරිසරවේදියෙකු වන ජෙනී ෆිලිප්ස් සැන් ෆ්‍රැන්සිස්කෝ සහ අවට ප්‍රදේශවල කුරුල්ලන් රූගත කළේය. එම පටිගත කිරීම් වලින් හෙළි වූයේ ගේ කුරුල්ලන් අගුලු දැමීමට පෙරට වඩා 30% මෘදු හඬින් ගායනා කරන බවකි. එපමණක්ද නොවඔවුහු 1970 දශකයේ පටිගත කරන ලද කුරුල්ලන්ගේ හඬට සමාන පරාසයෙන් ගීත ගායනා කළහ. අඩු පසුබිම් ශබ්දයක් සහ පුළුල් පරාසයක් තුළ වඩා හොඳ සංඥාවක් සංයෝජනය කිරීමෙන් කුරුල්ලන්ට පෙරට වඩා දෙගුණයක් තින් එකිනෙකාට ඇහුම්කන් දිය හැකි බව ඔවුන් සුප්‍රකට විද්‍යා සඟරාවේ ලිපියක් පළකරමින් පෙන්වා දෙයි.

වැඩිදියුණු කළ සන්නිවේදනය ප්‍රතිවාදී පිරිමින්ට එකිනෙකා මඟ හැරීමට උදව් වන්නට ඇත. නාගරික පක්ෂීන් සාමාන්‍යයෙන් ප්‍රතිවාදීන්ට පහර දීමට ඉක්මන් වන බව පිලිප්ස් මීට පෙර සොයාගෙන ඇත. ඩෙරීබෙරි පවසන්නේ “ආක්‍රමණශීලී මට්ටම් පහත වැටී ඇති නිසා සෑම පක්ෂියෙකුම සන්සුන් වන” බවයි.

නව සොයාගැනීම “කුරුල්ලන්ගේ දෘෂ්ටි කෝණයෙන් ශුභ ආරංචියක්” යැයි මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ පක්ෂි විද්‍යාඥයෙකු වන සූ න් සොලින්ජර් පවසයි. ගේ කුරුල්ලන්ට ඔවුන්ගේ ගීත ඔවුන්ගේ පරිසරයට ගැලපෙන බව පෙන්වීමෙන්අධ්‍යයනයෙන් යෝජනා කරන්නේ වඩාත් නම්‍යශීලී හැසිරීම් ඇති විශේෂයන්ට වෙනස් වන පරිසරයේ අංග සමඟ සාර්ථකව කටයුතු කළ හැකි බවයි. ශබ්දය අඩු කිරීමෙන් කැලිෆෝනියා වටුවන් වැනි වෙනත් ශබ්ද සංවේදී පක්ෂි විශේෂවලට වරක් තමන් ගායනා කළ නගර වෙත ආපසු යාමට ඉඩ ඇත. “කලබලකාරී පරිසරය නිශ්ශබ්ද කිරීමට අපට හැකි නම්එය සැබවින්ම විශාල බලපෑමක් කරනු ඇත."

ගමනාගමනය සහ ශබ්දය නැවත නගර කරා පැමිණීම නිසා වසංගතය මගින් ලබා දී ඇති විවේකය කෙටි කාලයක් පමණි. ලබන වසරේදී කුරුල්ලන් ඔවුන්ගේ වසන්ත කාලයේ විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගැනීම ආරම්භ කරන විටඩෙරිබෙරි සහ ඇගේ සගයෝ ඔවුන්ගේ ගීත නැවත දුක් විඳිනවාදැයි බැලීමට සැලසුම් කර සිටිති.

Science සඟරාවේ අනුග්‍රහයෙනි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top