කොවිඩ් – 19 වසංගතයෙන් අමෙරිකානු ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 16 ක අලාභයක්

coronavirus-4937119_1280-1024x682-1.jpg

කොවිඩ් – 19 වෛරසය ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවල ලොව පුරා ව්‍යාප්තවීමත් සමඟ එවකට වැඩි අවබෝධයක් නොපැවති මෙම වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස සෑම රටකම ජනජීවිතයට සීමාවන් පනවමින් ජාතික දේශසීමාවන් වසා දැමීමට පියවර ගත්තේය. ජනතාව වැඩබිමෙන් ඈත්ව නිවෙස් තුළට වී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝක ආර්ථික ක්‍රියාකාරීත්වයට ද මුළුමනින්ම පාහේ ඇණ හිටියේය. මෙම වෛරසයෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවූ බව සැවොම පාහේ පොදුවේ පිළිගන්නා කරුණක් නමුත් එහි සැබෑ අගය කොපමණද?

හාවර්ඩ් සරසවියේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මාහාචාර්ය ඩේවිඩ් කට්ලර් සහ එම සරසවියේම ජ්‍යේෂ්ඨ මහාචාර්ය ලෝරන්ස් සමර්ස් එක්ව සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව, අමෙරිකා එක්සත් ජනපදයට පමනක් වසංගතයෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 16 ක සමස්ථ අලාභයක් සිදුව ඇත. එය අමෙරිකා එක්සත් ජනපදයේ
සමස්ථ දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% කට ආසන්නය.  

2008 වසරේ මහා අවපාතය තුළ අහිමිවූ සමස්ථ නිෂ්පාදනය මෙන් සිව් ගුණයක අලාභයක්

2021 වසර අවසානය වන විට එන්නතක් සොයාගනු ඇතිය යන සුබවාදී උපකල්පනය මත පිහිටා ආර්ථිකයට සිදුව
ඇති සෘජු සහ වක්‍ර බලපෑම් ගණනය කිරීමෙන් මෙම තක්සේරුව සිදුකොට තිබේ. වසංගතයෙන් අමෙරිකා එක්සත් ජනපදයට රැකියා විශාල ප්‍රමාණයක් අහිමිව තිබේ. මාර්තු මාසයේ සිට සැප්තැම්බර් දක්වා පිට පිට සති 20 ක් තුළ, සෑම සතියක් පාසාම විරැකියා රක්ෂණ ඉල්ලීම් දසලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබේ. 2020 වසරේ මාර්තු මාසයේදී මෙම වසංගතයේ බලපෑම දැනෙන්ට පටනගැනීමෙන් පසු, සමස්ථයක් ලෙස කෝටි 6 ක අමෙරිකානුවන් පිරිසකට රැකියා අහිමි ඇතැයි අධ්‍යයනයේදී හෙළිවී තිබේ.  

කොවිඩ් – 19 වසංගතයෙන් අමෙරිකානු ආර්ථිකයට එල්ලවූ සමස්ථ බලපෑම සැළකිල්ලට ගත් කළ, ඩොලර් ට්‍රිලියන 16 ක අලාභයක් සිදුව ඇති අතර එය 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය දියත් කළ සියළු සංග්‍රාම ව්‍යාපාරවලට දැරීමට සිදුවූ පිරිවැය මෙන් දෙගුණයකි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top