ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමඟ ජර්මනිය දෙවැනි වෛරස් රැල්ලට එරෙහි දැඩි සටනක

90035_DEU201014GERMANYCOVIDAP_1602741022421.jpeg

කොවිඩ් – 19 වසංගතයේ ආසාදනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව මිලියන 38.7 දක්වා ඉහළ
ගොස් ඇති අතර මියගිය පුද්ගලයන්‌ගේ සංඛ්‍යව මිලියන
1.1 ඉක්මවා ගොස් තිබේ.
ඔක්තෝබර් මස
15 දිනට අදාළ ලොව ඒ පිළිබඳ තොරුතුරු මෙහි දැක්වේ:

ජර්මනියේ දෛනික කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යයි

ජර්මනිය තුළ තහවුරුවූ කොවිඩ් –19 ආසාදිතයන්ගේ සංඛ්‍යාවට අළුතින් 6,638 දෙනෙකු එක්වූ අතර ඒ සමඟ රටේ සමස්ථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 341,223 දක්වා ඉහළගොස් තිබේ.

මීට ඉහත ජර්මනියේ පැය 24 ක් තුළ වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව 6,294 ක් ලෙස පසුගිය මාර්තු මස 28 වන දින සටහන් විය.

යුරෝපයේ ප්‍රමිතීන්ට අනුව, ජර්මනියේ ආසාදනයට ලක්වීම සහ මරණ අනුපාතය සෙසු රටවලට වඩා පහළ අගයක් ගෙන ඇති නමුත්, මෑත සති කිහිපය තුළ දෛනික රෝගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයන් පෙන්නුම් කරයි. වත්මන් ප්‍රවණතාව අඛණ්ඩව පැවතුනහොත් ආසාදනයට ලක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව දිනකට 19,200 ක් දක්වා ඉහළයා හැකි බව ජර්මනු චාන්සලර් ඇනජෙලා මෙයකල් පවසයි.

තරුණ සහ නීරෝගී පුද්ගලයන්ට 2022 තෙක් ප්‍රමාද විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන් ගත්විට සෞඛ්‍ය සේවකයන් සහ දැඩි අවදානමකින් ය යුත් කාණ්ඩයේ පුද්ගලයන්ට ප්‍රමඛත්වය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාතන් පවසයි.

තරුණ සහ නිරෝගී පුද්ගලයන්ට ඒ අනුව එන්නත ලබාගැනීම සඳහා 2022 තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි ඇය කියා සිටී.

යුරෝපය වෛරස් ආසාදනය පිටුදැකීමට අදාළ සීමාවන් දැඩි කරන අතර පැරිස් අගනුවරට ඇඳිරි නීතිය පැනවේ.

කොරෝනා වෛරස් ආසාදනයට එරෙහි ක්‍රියාමාර්ග දැඩී කළ රටවල් අතරට ප්‍රංශය ද ඒක්වෙයි. ඒ අනුව පැරිස් අගනුවරට සහ තවත් නගර අටකට සෙනසුරාදා දිනයේ සිට ඇඳිරිනීතිය පැනවෙනු ඇත. ජර්මනිය සහ අයර්ලන්තය ද තම රටවල සීමාවන් දැඩි කොට ඇත.

දකුණු කොරියාවෙන් නව රෝගීන් 110 ක් වාර්තා වෙයි

දකුණු කොරියාවේ නව වෛරස් ආසාදිතයන් 110 දෙනෙකු අද වාර්තාවූ අතර, ඔවුන්ගෙන් අඩක් පමන බූසාන් නගරයේ රෝහලකට සම්බන්ධ බව එරට බලධාරීහු පවසති.

සමාජ දුරස්ථභාවයට අදාළ නීතිරීති ලිහිල් කොට රටේ රාත්‍රී සමාජශාලා සහ කැරෝකී අවන්හල් යළි විවර කොට ප්‍රේක්ෂකයන්ට යළි වෘත්තීයමය ක්‍රීඩා තරග නැරඹීමට ඉඩලබාදීමෙන් පසු දකුණු කොරියාව තුළ රොගය යළි හිස එසවීම කෙරෙහි  බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව දින අටකදී වාර්තාවූ අඩුම අගයට ළඟාවෙයි.

ගතවූ පැය 24 ක කාලය තුළ දින අටකට පසු අඩුම ආසාදිතයන්ගේ සංඛ්‍යාව වාර්තාවූ බවත්, කිසිදු මරණයක් වාර්තා නොවූ බවත් වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීහු පවසති.

ප්‍රාන්ත අගනුවර වන මෙල්බර්න් නගරය කොවිඩ් –19 රෝගයේ අපිකේන්ද්‍රය බවට පත්ව තිබූ අතර, ජනජීවිතයට පැනවූ දැඩි සීමාවන් තෙවැනි මාසයට එළඹ තිබේ.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණයක් වෙසෙන නිව් සවුත් වේල්ස්හි අද දිනයේ වාර්තාවූයේ රෝගීන් 11 ක් පමණි.

කොරෝනා වෛරස් නව පොකුර සම්බන්ධයෙන් චීනයේ ක්වින්ඩාවෝ නගරයේ නිලධාරීන් දෙදෙනෙකුට දඬුවම්

චීනයේ ක්වින්ඩාවෝ නගරයේ සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානියාගේ සේවය තාවකාළිකව අත්හිටුවීමටත්, රෝහල් අධ්‍යක්ෂවරයෙකු සේවයෙන් ඉවත්කිරීමටත් චීන බලධාරිහු පියවර ගත්හ. මාස දෙකක කාලයක් කිසිදු ආසාදනයක් වාර්තා නොවී පැවති තත්වයක් හමුවේ නව පොකුරක් ඇතිවීම වැළැක්වීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ලවී තිබේ. 

ඉන්දියාවේ වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 7.31 දක්වා ඉහළට

ඉන්දියාවේ වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 7.31 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉකුත් පැය 24 ඇතුළත නව රෝගීන් 67,708 දෙනෙකු වාර්තාවී තිබේ. රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 111,266 කි. මිලියන 8 ක ආසාදිතයන් සංඛ්‍යාවකට හිමිකම් කියන අමෙරිකා එක්සත් ජනපදයට පසු දෙවැනි වැඩිම රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තාවී ඇත.

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්තේ පුත් බැරොන්ටත් කොරෝනා

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 14 හැවිරිදි පුත් බැරොන්ටත්, තම මවට සහ පියාට රෝගය වැළඳීමෙන් පසු රෝගය ආසාදනයව පැවති බවත්, දැන් ඔහු සුවය ලබා සිටින බවත් ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පවසයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top