වසංගතයට පිරිමින් සහ කාන්තාවන් දක්වන ප්‍රතිචාර එකිනෙකට වෙනස්ද?

Female-Healthcare-Worker.jpg

පුදුමයට කරුණක් නම්, කාන්තාවන් එය වඩාත් බරපතල ගැටළුවක් ලෙස දකින අතර ප්‍රවේශම් වීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි.

මෑතකදී සිදුකළ සමීක්ෂණයකට අනුව, පුරුෂයින් සහ කාන්තාවන් කොරොන වයිරස් වසංගතයට එකිනෙකාට වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දක්වන බැව් හෙළිවී තිබේ. පිරිමින්ට වඩා කාන්තාවෝ වසංගතය බරපතල ගැටළුවක් ලෙස සලකන අතර සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුමත කිරීමට හා ඒවාට අනුකූල වීමට වැඩි ඉඩක් ලබා දෙති.

මෙම සොයා ගැනීම් කෙරෙහි අවධානය යොමු කරමින්, කොවිඩ් – 19 වසංගතය හා සම්බන්ධ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විශේෂිත ප්‍රතිපත්ති සහ සන්නිවේදනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව විද්‍යාඥයන්ගේ අදහසයි.

වසංගතයට මූලික මහජන සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීමේදී නිවසේ හුදකලා වීම හෝ මුහුණු ආවරණ පැළඳීම වැනි පුද්ගල හැසිරීම් වල මූලික වෙනස්කම් සිදුකිරීම අවශ්‍ය විය. මෙම ප්‍රතිපත්ති වල ඵලදායීතාවය ජනතාව ඊට දක්වන අනුකූලතාවය මත රඳා පවතී. නමුත් මිනිසුන්ගේ අනුකූලතා මට්ටම ඔවුන්ගේ සංස්කෘතියසන්නිවේදනය සහ වසංගතය පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසයන් මත රඳා පවතී. නව අධ්‍යයනයකට අනුවඑය ස්ත්‍රී පුරුෂ භාවය මත ද රඳා පවතී.

ඉතාලියේ බොකෝනි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ මාර්තු සහ අප්‍රේල් සමීක්ෂණය දෙකක් සිදු කළහ. ඔවුහු ඕස්ට්‍රේලියාවඔස්ට්‍රියාවප්‍රංශයජර්මනියඉතාලියනවසීලන්තයඑක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවලින් ලැබුණු 21,000 කට අධික සංඛ්‍යාවකගේ ප්‍රතිචාර අධ්‍යයනය කළහ.

ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය වූයේ කොවිඩ් – 19  ආශ්‍රිත විශ්වාසයන් හා හැසිරීම් වල ස්ත්‍රී පුරුෂ භේදය අධ්‍යයනය කිරීමයි.

කොවිඩ් – 19 ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් ලෙස සැලකීමට ලොව පුරා කාන්තාවෝ පිරිමින්ට වඩා වැඩි නැඹුරුවක් දක්වති (පිරිමින් සඳහා 48% ට සාපේක්ෂව කාන්තාවන් 59%). ඒ අතරමසමාජ දුරස්ථභාවය (54% එදිරිව 47%) වැනි වසංගතයට මුහුණ දෙන මහජන ප්‍රතිපත්ති සමඟ එකඟ වීමට කාන්තාවෝ වැඩි කැමැත්තක් දක්වති.

ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ඇති ලොකුම වෙනස වන්නේ අන් සියල්ලන්ටම වඩා අන් අයව ආරක්ෂා කිරීමට උපකාරී වන කාන්තා හැසිරීම් වලටය: වැලමිට ඔසවා එය යටට කැස්ස පිට කිරීමසහ තමන් මෙන්ම අනෙක් අයද ආරක්ෂා කළ හැකි චර්යාවන්,” අධ්‍යනයනයේ සම කර්තෘ පාවෝලා ප්‍රොෆෙටා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

තවද, කොවිඩ් – 19 වසංගතයට කාන්තා නායකත්වයේ ද පැහැදිලි වෙනසක් පෙන්නුම් කරයි. කාන්තාවන්ගේ නායකත්වයෙන් යුත් රටවල් අර්බුදය තුළ වඩා හොඳින් කළමණාකරණය කිරීමට ක්‍රියා කළේ ඇයිද යන්න එමගින් පැහැදිලි කරගත හැකිය. මීට පෙර කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ජර්මනියේ ඇන්ජෙලා මර්කල්තායිවානයේ ට්සායි ඉන්-වෙන්න් හෝ නවසීලන්තයේ ජසින්ඩා ආඩර්න් වැනි කාන්තා නායකයින් යටතේ රටවල් කොවිඩ් – 19 අර්බුදය වඩා හොඳින් හසුරුවා ඇති අතර පිරිමින් විසින් මෙහෙයවන ලද මරණවලින් අඩක් පමනක් එම රවටලින් වාර්තාවී ඇති බව ය.

 

මෙම අධ්‍යයනය PNAS සඟරාවේ පළවිය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top