කොවිඩ් – 19 වඩාත් ආසාදිත තත්වයට පත්වන්නේ කිනම් අවස්ථාවකදී ද යන්න නව අධ්‍යයනයක් පෙන්වා දෙයි

covid-19-640x445-1.jpg

නවතම අධ්‍යයනයකට අනුව කොවිඩ් – 19 රෝගය වැළඳුණු පුද්ගලයන් වැඩිම ආසාදිත තත්වයකට පත්වනුයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු එළැඹෙන පළමු දින පහ තුළ බව නවතම අධ්‍යයනයක් මගින් තහවුරු කෙරේ. ඒ අනුව, මෙම රෝගයේ ආසාදනයට පත්වන පුද්ගලයන් කඩිනමින් හුදකළා කිරීමේ වැදගත්කම මෙම අධ්‍යයනය මගින් අවධාරණය කරයි. 

 

සුප්‍රකට ලැන්සට් සඟරාවේ පළවූ මෙම අධ්‍යයනයට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් රෝගය තම සිරුරෙන් ඉක්මනින් ඉවත් කරගන්නා බවත්, ඔවුන් රෝගය බෝකරන්නන් බවට පත්ව සිටින්නේ කෙටි කාලසීමාවක් බවත් හෙළිවී තිබේ.

මේ ආකාරයට සිදු කෙරුණු ප්‍රථම ක්‍රමවත් අධ්‍යයන මගින් පර්යේෂකයෝ කොරෝනා වෛරස සම්ප්‍රේෂණය පිළිබඳ පූර්ව අධ්‍යයන 98 කින් දත්ත ලබාගෙන තිබේ. 

අධ්‍යයනයේ දී ඔවුහු ප්‍රධාන සාධක තුනක් කෙරෙහි අවධානය යොමු කළහ:

 

         වෛරස් භාරය (ආසාදනයේ විවිධ අවස්ථා හරහා ශරීරයේ අනාවරණය කරගත් වෛරසයේ ප්‍රමාණය)

         වෛරස් ආර්එන්ඒ වැගිරීම (යමෙකු වෛරස් ජානමය ද්‍රව්‍ය වගුරන කාලය)

         සජීවී වෛරසය හුදකලා කිරීම (සජීවී වෛරසය හුදකලා කොට රසායනාගාරයේ සාර්ථකව ප්‍රතිවර්තනය කළ හැකිදැයි පරීක්ෂා කර බැලීමේදී).

 

කොවිඩ් – 19 මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වූයේ මන්දැයි වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා පර්යේෂකයෝ කොවිඩ් – 19 පිළිබඳ තම සොයාගැනීම් වෙනත් කොරෝනා වයිරස දෙකකට සංසන්දනය කළහ.

කොවිඩ් – 19 ඇති කරන වෛරසය වන SARS-CoV-2 හි වෛරස් භාරය රෝගයේ මුල් අවදියේදී, එනම් රෝග ලක්ෂ ආරම්භය සහ පස්වන දිනය අතර ඉහළ ශ්වසන මාර්ගයේ උච්චස්ථානයකට පත්වන බැව් එහිදී ඔවුහු හදුනා ගත්හ.

මෙය සැලකිය යුතු කාරණයක් වන්නේ මන්ද යත්වෛරස සම්ප්‍රේෂණයේ ප්‍රධාන ප්‍රභවය ලෙස ඉහළ ශ්වසන මාර්ගය සැළකෙන බැවින් ය. සංසන්දනාත්මකව බලන කලකොරෝනා වෛරසයේ අනෙකුත් ආසාදන දෙක වන SARS-CoV සහ MERS-CoV හි වෛරස් භාරය උපරිම තත්වයට ළගා වන්නේ පසුවට වීමය – එනම් හි පිළිවෙලින් දින 10-14 සහ දින 7-10 අතර වන අතර – රෝග ලක්ෂණ හදුනා ගැනීමට සහ නිරෝධායනය කිරීමට වැඩි කාලයක් එමගින් ලබා දෙයි.

“රෝගී සම්බන්ධතා ලුහුබැඳීම් අධ්‍යයනයන්ට අනුව වෛරසය සම්ප්‍රේෂණය වීම මුල් අවස්ථාවේම, විශේෂයෙන්ම රෝග ලක්ෂණ ආරම්භ වූ පළමු දින පහ ඇතුළත සිදුවන බව හෙළිවී ඇති අතර අපගේ අධ්‍යයනය ද ඊට අනුකූලත්වයක් දක්වයි. රෝග ලක්ෂණ ආරම්භ වූ වහාම ස්වයං හුදකලා වීමේ වැදගත්කම එමගින් පෙන්නුම් කරයි” යනුවෙන් ප්‍රධාන අධ්‍යයන කතුවරයා වන මුගේ සෙවික් පැවසීය.

එමෙන්ම අපගේ සොයාගැනීම් අනුව වෛරස් සම්ප්‍රේෂණ සිදුවීම් බොහොමයක් ඉතා ඉක්මණින් සිදුවන බව යෝජනා කරයි. විශේෂයෙන් රෝග ලක්ෂණ ආරම්භ වූ පළමු දින පහ ඇතුළත කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණවලට වඩා ආසාදනයේ මුල් අවධියේදී ඇතිවිය හැකි මෘදු රෝග ලක්ෂණ පරාසය පිළිබඳව අප මහජනතාව දැනුවත් කළ යුතුය. 

COVID-19 හි පහත දැක්වෙන රෝග ලක්ෂණ ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කරයි:

වඩාත් පොදු රෝග ලක්ෂණ:

උණ

වියළි කැස්ස

වෙහෙස

සුලබ නොවන රෝග ලක්ෂණ:

වේදනාව

උගුර වණ වීම

පාචනය

හන්දිපත් වේදනාව

හිසරදය

රසය හෝ සුවඳ නැතිවීම

සම මත ඇති වන කැක්කුමහෝ ඇඟිලි හෝ ඇඟිලි වල පැහැය වෙනස්වීම

බරපතල රෝග ලක්ෂණ:

හුස්ම ගැනීමේ අපහසුතාව හෝ හුස්ම හිරවීම

පපුවේ වේදනාව හෝ පීඩනය

කථා කිරීමට හෝ චලනය වීමට නොහැකිවීම

රෝග ලක්ෂණ ඇති සහ නැති පුද්ගලයින් අතර වෛරස් භාරය බොහෝ දුරට සමාන බව පෙනෙන්නට තිබුණදපර්යේෂණයන් පෙන්වා දී ඇත්තේ රෝග ලක්ෂණ ප්‍රකට නොකරන පුද්ගලයින්ට ඔවුන්ගේ ශරීරයෙන් වෛරස් ද්‍රව්‍ය වේගයෙන් ඉවත් කළ හැකි බවයි.

අධ්‍යයන කිහිපයකින් සොයාගෙන ඇත්තේ රෝග ලක්ෂණ ප්‍රකට නොකරන ආසාදන ඇති පුද්ගලයින්ට වෛරසය වේගයෙන් ඉවත් කළ හැකි බවයි. එයින් ඇඟවෙන්නේ රෝග ලක්ෂණ නොමැති අය ආසාදනයේ ආරම්භයේ දී රෝග ලක්ෂණ ඇති අය මෙන්ම රෝගය බෝකළ හැකි නමුත් එලෙස ආසාදනය කරනු ලබන්නේ කෙටි කාලයක් තුළ පමනක් බවයි” සෙවික් පැවසීය.

කෙසේ වෙතත්නිරෝධායන කාලසීමාව පිළිබඳ ප්‍රතිපත්තිමය වෙනසක් සලකා බැලීමට පෙරරෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් තුළ බෝවන වෛරසය ඉක්මනින් ඉවත්ව යාම පිළිබඳ වැඩි පර්යේෂණ අවශ්‍ය වනු ඇතැයි ඔහු පැවසීය.

අධ්‍යයනයට සහභාගී වූවන්ගෙන් බොහෝ දෙනෙක් කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූවන් බව කතුවරුන් සඳහන් කර ඇති අතරඑම නිසාට ඔවුනට ආසාදන ක්‍රියාදාමයට බලපාන ප්‍රතිකාර ලැබෙන්නට ඇත.

වෛරස් පර්යේෂන පඳහා වූ ග්ලාස්ගෝ මධ්‍යස්ථානයේ බෝවන රෝග පිළිබඳ උපදේශිකාවක් මෙන්ම සායනික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ද වන ඇන්ටෝනියා හෝ පැවසුවේ එබැවින්අපගේ සොයාගැනීම් මෘදු ආසාදන ඇති පුද්ගලයින්ට අදාළ නොවනු ඇත” යන්න යි.

“මෙම සන්දර්භය තුළ වෛරසය ඉවත්ව යාම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය අවශ්‍ය වේ."

මෙම අධ්‍යයනයට මුලින්ම එක්සත් රාජධානියේ හෆ්පෝස්ට් හි පළවිය. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top